"අඩෝ උබත් ඒකෙද එතකොට...මං තනියම..හා හා කමක් නෑ කමක් නෑ... "
"අහනවකෝ මිහී ඉතිං..අම්මලා කිව්වට අහන්නෑනේ...ඔයටත් ඒකට එන්න පුලුවන් වෙයිනේ..ලබන සතියෙ වගේ රිසාල්ට් එනවා කියනවනේ... "
"බලමුකෝ බලමුකෝ..අද කාඩ් එක ගන්න ඕනේ නේද බන්..බලපංකෝ පෝලිම..පිටිපස්සෙම ඩෙස්ක් එකවත් තියෙයිද දන්නෑ... "
මිහී කිවුවේ කාඩ් ගන්න ඉන්න පෝලිම පෙන්නලා වෙනකොට මමත් ඒ දිහා බැලුවේ අද නං ඉඩක් නෑ කියලා හිතන ගමන්...
"සහශ්ර..මෙහෙ එනවා.. "
ඒත් එක්කම ඉස්සරහ පෝලිමේ කෙනෙක් මගෙ නමින් කතා කරද්දී අපි දෙන්නම බැලුවේ ඉස්සරහ..
"අඩෝ විරාත් අයියා නේද කතා කරන්නේ..."
පෝලිමේ මැද හරියේ වගේ හිටපු විරාත් අයියව දැකලා මිහී කියම ගමන් මාත් එක්ක එතන්ට ගියා...පිටිපස්සට ගියොත් නං අද ක්ලාස් එකේ ඉඩ නෑ...
"ගුඩ් මෝනින් ජෝඩුව... "
අපි විරාත් අයියා හිටපු තැනට ගියාම එයා කිව්වේ අපි දෙන්නත් ගුඩ් මෝනින් කියද්දි...තව පැය බාගයක් වගේ තියෙනවා ක්ලාස් එක පටං ගන්නත්...
"සහශ්ර මොන ස්කූල් එකටද යන්නේ..ඒ ලෙවෙල් වලට... "
"හරියටම දන්නෑ අයියේ...අම්මලා කිවුවේ මල්ලි යන එකට දාන කතාවක්.. "
"අම්මටසිරි අපේ එකටනේ...උබලා දෙන්නම ඒකටද එන්නේ... "
"මං එන එකනම් ඉතිං රිසාල්ට් එක ආවම තමා බලන්න වෙන්නේ...මූට ශුවර් උනාට මට ඒ නයින් ශුවර් නෑ..".
"හා හා බලමුකෝ..හෙට අනිද්දම රිසාල්ට් එයිනේ.. "
"ඒක නෙමේ අයියා ඇයි රිවිශන් යන්නැතුව මේකට එන්නේ... "
මිහී අහපු ප්රශ්නෙට උත්තරේ මටත් දැනගන්න ඕන හින්දා මම විරාත් අයියා දිහා බැලුවේ එයා මූනත් අමුතු කරන් මුන්ටත් ඕන්නැති මගුලක් නෑ වගේ මූන හදාගන්නකොට...
"උබට ඒක වැඩක් නෑනේ පොඩි එකෝ..."
එතනින් පස්සේ අපි තුන් දෙනාම නිශ්ශබ්ද වෙද්දි මම දැක්කේ යාලුවෝ ටිකත් පිරිවරාගෙන එන අවීන්ව වෙනකොට මාව දැක්ක පසිදු අවීන්ට මාව පෙන්නනකොට එයා මට පොඩි බැල්මක් දාලා පෝලිමේ පිටිපස්සට ගියේ මම කටත් ඇද කරලා ඉස්සරහ බලාගද්දි..ඇදුනුම් කමටවත් පොඩ්ඩක් හිනා වෙන්න බැයිද..බලන්නෝනේ යාලුවෝ එක්ක තියෙන සිරික්කිය...