අවීන් pov"ලොකූ..."
"ලොකූ..නැගිටින්නකෝ.."
"අයිශ්..කටවහනවකෝ රෙද්ද !! "
"ලොකු..නැගිටපියකෝ.."
ඇග උඩට දැනුන බරත් එක්ක මම ඇස් අරිනකොට මට කෙලින් වෙන්නවත් බැරි උනේ පිට උඩ නැගගෙන ඉන්න පොඩි කෙල්ල හින්දා..
"නැගිටපිය..අයියට ඔහොමද කතා කරන්නේ ආ..බහිනවා පිට උඩින් ලබ්බ.."
"ඉතිං උයා නැගිට්ටේ නෑනේ ලොකූ..
"දැං නැගිටලා ඉන්නේ බැහැපං ඇගෙන්..'
"හෑ ලොකූ..තූති ලමයින්ට bad words කියන්න ලැජ්ජා නැද්ද ??'
"දගලන්න එපා ඇග උඩ ඉදන් වැටෙයි..කෝ එහාට වෙයන් බං කෝලං කරන්නැතුව.."
"ඉන්න ඉතිං..ඔයා කිව්වට එකපාරට බහින්න බෑනේ ලොතූ.."
චූටි කටත් ඇද කරගෙන කියන ගමන් මගේ ඇග උඩින් නැගිටලා ඇදට පනිනකොට මම කෙලින් වෙලා බැලුවේ පැන්ඩෝ ඉන්න පිජාමා එකක් ඇදගෙන කොණ්ඩෙත් අවුල් කරන් හිනා වෙන චූටි දිහා..බේබි ෆිජාමා එක දැක්ක ගමන් මට කෙනෙක්ව මතක් උනත් උදේ පාන්දර ඔලුව විකාර කරගන්න ඕනේ නැති හින්දා මම ඒක අමතක කරා..
"ලෑස්ති වෙන්නැද්ද ම්ම්..."
"අම්මි උයනවනේ ලොකු..ඔයාව නැගිට්ටවන්න කීවනේ..."
"ම්ම්..බ්‍රශ් එක අරං එන්න මූන හෝදමු.."
"හා..මෙච්චරක් ටයිම් ඕකේ.."
ඇගිලි දෙකෙන් මෙච්චරක් කියලා පෙන්නලා චූටි දුවලා ගියේ මට හිනාවක් එනකොට..ඇදෙන් බැහැපු මම බැල්කිනි එකේ ග්ලාස් එක ඇරලා එලියට ගියේ වෙනදා පුරුද්දට..හිරි කඩන ගමන් මම බැල්කනියේ ලී වැටෙන් අත් දෙක තියාගන්නකොට තාම යංතන් එලිය වැටිලා තිබුණා..වටපිට බලන් ගමන් හිටපු මට ඊලගට යකා ඇවිස්සුනේ පල්ලෙහා දැක්ක දේ හින්දා..අප්පච්චි මිදුලේ ඉදන් කතා කර කර හිටියේ මාමා එක්ක ( සහශ්‍රගේ අප්පච්චි ) කොච්චර සල්ලි තිබිලත් අප්පච්චි කියන මනුස්සයගේ තණ්හාව නැතිවෙන්නෑ..අප්පච්චිව දකින වාරයක් ගානේ මගේ තරහ ඇවිස්සුනත් මම පාලනේ වෙන්නේ අම්මා හින්දා විතරමයි..මම පොඩි වැරැද්දක් කරත් බෙල්ට් ගලවලා ගන්න එයා කරන්න පුලුවන් ඔක්කොම ජරා වැඩ කරනවා..තවත් එලියේ ඉන්න එකෙන් තරහ වැඩි වෙන හින්දා මම ආවේ බාතෲම් එකට..