"ඔයා කවුද ??"
මම ඇහුවේ මීට කලිං දැකලා නැති කෙනෙක් සාලේ වාඩි වෙලා ඉද්දි..ටිකක් මං වගේ..එයාගේ කකුලකුත් බැන්ඩේජ් කරලා..
"අහ් එයා ගැන මම පස්සේ කියන්නම්..දැං යමුකෝ ඇතුලට..මම අලුතෙන්ම ඔයාට රූම් එකක් හැදුවා..බලන්න ඕන නැද්ද ??"
අවීන් කියද්දී මම ඔලුව වැනුවේ යමු කියන්න..මම දන්නෑ ඒ පිරිමි ලමයා ගැන මට දැණුනේ නොරිස්සුමක්..හේතුව නොදන්නවා උනත් එයා ඉන්නවට මගෙ හිත අකමැතියි වගේ..කට්ටිය පහලට වෙලා කතා කර කර ඉද්දි අවීන් මාව උඩට එක්කන් ආවා..ඒක අවීන් කලිං හිටපු රූම් එක..ඒත් ගොඩක් දේවල් වෙනස් වෙලා..
"කොහොමද රූම් එක..අද ඉදන් මේක තමයි අපේ රූම් එක.."
"ම්ම්..ඇද නං මරු වගේ අවීන්.."
මම කිවුවේ රූම් එක මැද තිබුණ තඩි ඇද දිහා බලන ගමන්..ඒක සනීපයි වගේ..මම රූම් එක පුරාම ඇවිදලා බැලුවා..එතකොට අපි දෙන්නම එකම රූම් එකේද අද ඉදන් ඉන්න ඕනේ..
"අවීන්.."
"ම්ම්.."
"අපි දෙන්නම මේකෙද නිදියන්නේ ?"
මම ඇද උඩින් ඉදගෙන..ඉදගත්ත පාරට මාව ඇද උඩ බම්ප් උනා...
"ඔව්..ඇයි ඔයා අකමැතිද..එහෙනම් මම එහා රූම් එකට යන්නම්.."
එයාගේ මූන වෙනස් උනත් එයා වෙනසක් පෙන්නන්නැතුව කීවා..
"මම එහෙම කිවුවේ නෑනේ..මටත් ආසයි ඔයාට තුරුල් වෙලා නිදියන්න..නිදහසේ.."
එයා මං ලගින් වාඩිවෙද්දි මම එයා දිහා බලන ගමන් හිනාවෙලා කිව්වා..හිතට දැනෙන නිදහස වචන කරන්න බෑ..ඉස්සර දේවල් මතක් නොකර සතුටින් ගෙවන්න මම උපරිම උත්සහ කරනවා..
"එහෙනම් අවුලක් නෑනේ..වොශ් එකක් දාගන්නකෝ..ඔයාගේ ඇදුම් ක්ලෝසට් එකේ ඇති.."
"ඔයා වොශ් දාන්නැද්ද ??"
"දාන්න නං ඕනේ..මොකද කියන්නේ එකට වොශ් දාමුද ?"
එයා ටික ටික මට ලං වෙන ගමන් අහද්දි එයාව තල්ලු කරපු මම ක්ලෝසට් එක ගාවට ආවේ ඇදුමක් ගන්න..එයා හිනා වෙවී එලියට යද්දි මම ටවල් එක අරගෙන බාතෲම් එකට ගියා..