"සුදූ..."
මම ලොක් උනා..තප්පරයක් යන්නත් කලිං ඒ හඩ ඇහුන ගමන් මම පිටිපස්ස හැරෙද්දි මගෙ ඇස්වලින් කදුලු ගැලුවා..
"මම තමුසෙට කිව්වා අයියා.."
යෙශු කියද්දී මම බොද උන ඇස්වලින් බලාගෙන හිටියේ මං දිහා හිනාවෙලා බලන් ඉන්න අවීන් දිහා වෙද්දි මම අම්මා දිහා බැලුවා..
අම්මා දිහා බලපු මම අනිත් තප්පරේම දුවගෙන ගිහින් අවීන්ගේ තුරුලට පැන්නේ අවීන් අඩියක් පිටිපස්සට විසික් වෙනකොට..මුලු හෝල් එකේම අත්පුඩි සද්දෙන් පිරිලා යද්දි මම අඩන ගමන්ම අවීන්ව තද කරලා බදාගත්තා..
"අඩන එක නවත්තලා මේ බෝ එක දානවකෝ සුදූ.."
අවීන් මාව ඈත් කරලා කියද්දී මම කදුලු අතරින්ම හිනාවෙලා එයාගේ අතේ තිබුණ බෝ එක අරගෙන ඒක දැම්මේ අදීශ් පසිදුගෙන් විසිල් පාරක් වදිනකොට වෙද්දි අවීන් මගෙ නලලට හාදුවක් තිබ්බේ මගෙ ඇස් පියවෙද්දි..මම ආයෙමත් අවීන්ව බදාගත්තා..මට හිතාගන්න බෑ මම දකින්නේ හීනයක්ද කියලා..සති දෙකකට පස්සේ මම එයාව දකින්නේ..ඒකත් මගෙ හස්බන්ඩ් විදිහට..මගෙ මනමාල මහත්තයා විදිහට..
"හා හා..පස්සේ ලව් කරහං..නැකත පහු වෙනවා.."
යුනෙත් අවීන් ලගට ඇවිත් කියද්දී අපි දෙන්නම අත් අල්ලගෙන රෙජිස්ට්රාර් ලගට ගියේ අයියා හිනාවෙලා මගෙ කොණ්ඩෙ අවුල් කරද්දි..අයියෝ දැං කරන්ට් වැදිලා වගේද දන්නෑ..
"ඔයා කලින් ඉදන් දැනගෙන හිටියද මේ ගැන.."
"පස්සේ කතා කරමු මැනික..මට ඉක්මනට බැදලා උබව එක්කන් යන්න ඕනේ.."
"ඒ මොකටද.."
මම ඇහුවේ හදිස්සි මොකටද කියලා හිතන ගමන් වෙද්දි එයා කටකොනේ හිනාවක් දාගෙන මගෙ කන ලගට පාත් උනා..
"සතියක හනිමූන් එක මතක් වෙද්දි ඉන්න බෑ සුදූ.."
"ඊව්..වල්කම..ඒත් මම ඔයා එක්ක තරහයිනේ..ඇගට අත තියන්න හිතන්නවත් එපා..එහෙම උනොත් මම ඔයාව ඩිවෝස් කරලා දානවා.."
"තාම අපි බැන්දෙත් නෑනේ මැනික.."
අවීන් කිවුවේ මූනත් දෙල් කරගෙන වෙද්දි මම හිනාවෙලා ඉස්සරහ බලාගත්තා..මම දන්නෑ..මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..