" චූටී....පොඩී......දෙන්නම නැගිටින්න අනේ..පස්සට එලිය වැටෙනකන් නිදාගන්නේ නැතුව."
" කව්ද..මොනාද..ඔයා කව්ද..අපි මොකද මෙතන..ඇයි මේ කෑගහන්නේ..මං කව්ද"
උදේ පාන්දරම අක්කා ඇවිත් කන අස්සේ කෑගහන්න තියාගත්ත නිසා මම ගැස්සිලා නැගිට්ට පාර මොනාද මංදා විකාර තොගයක් කියවගෙන කියවගෙන ගියා..උදේ පාන්දරම කිව්වට දැන් ඉතින් 11 විතර ඇති..කමක් නෑ මට තාම උදේ පාන්දර.
" මොනාද චූටි කියවන්නේ.."
" ඇයි මොකද උනේ..මම මොනාද කිව්වේ..ඇයි දැන් අපිව නැගිට්ටුවේ.?"
" නැගිට්ටුවේ ඇයි කියලා අහන්නේ. දැන් වෙලාව කීයද බලනවලා..එකොලහත් පහුවෙලා..කෑම කන්නේ නැද්ද උදේට."
" මොන කෑමද අක්කේ .. good night."
අක්කට බම්බු ගහගන්න කියලා මම ආපහු අතට අහුවුන ශීට් එක ඔලුවෙ ඉඳන්ම පොරෝගෙන නිදාගත්තා.
" මාත් එනවා මැනික..මටත් තව ටිකක් නිදාගන්න ඕනේ"
මහීෂ අයියත් ආපහු මගේ ශීට් එක අස්සටම රිංගගෙන මාවත් බදාගෙනම නිදාගත්තා.
" නැගිටපියව් දෙන්නම..හෙට නේද ගමන යන්න තියෙන්නේ ආ..ගිහින් බඩු ඔක්කොම හරිද කියලා බලලා අඩුපාඩු එහෙම බලලා ඕන කරන දේවල් අරං එනවලා..අර නිමේෂ් පුතාටත් මොනා හරි තව ගන්න ඕනෙද දන්නේ නෑනේ.ඒ ලමයවත් එක්කන් යන්න"
ඒ පාර නම් කඩාපාත් උනේ අපේ මහාරාණි.මං අහන්නේ මේ ගෑණු උදවියට ලැජ්ජනැද්ද ආදරේ කරන කපල් එකක් ඉන්න කාමරේකට ඔහොම කඩාපාත් වෙන්න..බැරිවෙලාවත් හනිමූන් එකකවත් හිටියනම් මොකද වෙන්නේ..මේ මිනිහටත් කීපාරක් කියලා තියේද මම කාමරේට ආවම දොර ලොක් කරන්න කියලා.කොහෙද ඉතින් මං කියන දෙයක් කනකටවත් අහන්නේ නෑනේ. ඔහේ පුපත් උඩ දාගෙන නිදි.දෙන්න හිතයි එලොව පොල් පේන්න.
" හරි හරි අප්පා නැගිටින්නම්...දැන් ඔය දෙන්නම දොරත් වහගෙන එලියට යන්නකෝ..අපි ලෑස්තිවෙලා එන්නම්"
" හරි අපි යන්නම්..පැය භාගයක් ඇතුලත දෙන්නම ලෑස්ති වෙලා ඇවිත් උදේට කෑම කන්න ඕනේ..නැත්තම් ඊළඟ පාර මේ අම්මා එන්නේ හිස් අතින් නම් නෙමේ සුදු මහත්තයා."
![](https://img.wattpad.com/cover/375437224-288-k356486.jpg)
YOU ARE READING
🌼..ප්රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්රේමනීය කතාව🌼