💚 හැඳින්වීමක් ❤️

1.7K 124 63
                                    

霜 - ෂිමෝ











හැඩ වැටුන - තුහින කැට
පාලු හිතුන - කලු පාට
මුස්පේන්තු වුන - මගෙ දිවියට
එක් කලා නේද - පෙම් පාට

හිත හිරිවැටුන - මල් සිනහව
හදවත ගස්සන - ඒ බැල්ම
ලං වෙලා - මගෙ ලගටම
පාලූ නෑ නේද - මගෙ ජීවිතය....

හිත හිරිවැටුන - මල් සිනහවහදවත ගස්සන - ඒ බැල්මලං වෙලා - මගෙ ලගටමපාලූ නෑ නේද - මගෙ ජීවිතය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තේරුම් ගන්න පුලුවන්ද ඔයාලට මම කිව්ව ඒ කවි පද වල තේරුම... නැතුව ඇති නේද... ම්.....

තේරුනේ නැත්තම් ඔන්න අහ ගන්න....

හැඩ වැටුන - තුහින කැට
ලස්සන ලස්සන කැටයම් කැපුන හැඩ වැටුන තුහින කැට... දැකලා තියෙනවා නේද තුහින කැට... දැකලා නැත්තම් උඩ තියෙන Cover එක දිහා හොදට බලන්නකෝ.. අන්න ඒ තුහින කැට.. හැඩයි නේද... ම්...

පාලු හිතුන - කළු පාට
පාලු හිතුන ජීවිතයකට කොයින්ද නේද ලස්සන ලස්සන පාට ජාති.. නෑ.. පාලු හිතුන ජීවිතයක් කියන්නෙ තනිකරම කලු පාට ලෝකයක්.....

මුස්පේන්තු වුන - මගෙ දිවියට
ඔව්.. කලු පාටින් පාලුවට පාලුවේ මගේ ජීවිතේ තියෙද්දි කොහොමද මගේ ජීවිතේ ලස්සන වෙන්නෙ.. හැඩ වෙන්නෙ... නෑ... එහෙම වෙන්න විදියක් නෑ... ඉතින් මේ ජීවිතේ මුස්පේන්තුයි....

එක් කලා නේද - පෙම් පාට
ඔව්.. මුස්පේන්තුවට.. කලුවට කලුවෙ තිබුන මගේ මේ ජීවිතේට පෙම් පාටක් ගහන්න පටන් ගත්තා... මගේ ජීවිතේට පෙම් පාට එකතු උනා.....

හිත හිරිවැටුන - මල් සිනහව...
මන් දන්නෙ නෑ... ඒ හිනාව කොහොමද එච්චර හැඩ උනේ කියලා.... ඒ හිනාව මට දැනුනේ කැටයම් කපපු තුහින මලක් වගේ... ඒ තරම් හරි ලස්සනයි....

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now