霜 - ෂිමෝ
ම්ම්... යාන්තමට අද නම් අපේ ඇගට හොදයි.. නහය හොද වෙලා ඔලුව කැක්කුමක් වත් අද නම් නෑ...අපරාදෙ නේද මැණික ඊයේ දවස නම්. නිකන්ම ගෙවිලා ගියා අප්පා.. ඔක්කොම ලෙඩ උනානෙ ඉතින්..
උයපුවා කාලා බීලා අපි ඔක්කොම කාමර වලට වෙලා තමයි උන්නෙ.. මොනවා කරන්නද ඉතින්.. ලෙඩ උනාම එහෙම තමයිනෙ.. ඒකේන් උනේ අන්තිමට පහළ ඇළ අපිට තහනම් කලාපයක් වෙච්ච එකයි නංගිට අමාරු උන එකයි විතරයි...
ම්.. හැබැයි රෑ වෙද්දී නම් එයාටත් සෑහෙන්න අඩු වුනා...
අඩු නොවී තියෙයිද අප්පා අපේ අයියා විශාක ඒ කෙල්ලව දරුවෙක් ගානට දාලා බලා කියා ගන්නකොට.. මන් හිතන්නෙ සාහී විශාකගෙ තුරුලෙන් ඈත් උනේ වොශ් රූම් යනකොටයි ඊයේ රෑ නිදිය ගන්නකොටයි විතරයි... අනිත් හැම වෙලේම විශාක හිටියේ ඇද වියලට හේත්තුවක් දාලා නංගිව පපුවට තියන් එයාගේ නළලයි ඔලුවයි අත ගගා...
ම්.. මන් හිතන්නෙ මගෙ නංගි සෙලානී.. එයා මිස් කර ගත්තේ එසේ මෙසේ ආදරයක් නෙවෙයි.. තමන්ගෙ කෙනාව දරුවෙක් ගානට දාලා බලාගන්න හැම පිරිමියටම බෑනේ.. ඉතින් මගේ සාහී මැණික හරිම වාසනාවන්ත කෙල්ලෙක් උනා...
අයියා කෙනෙක් විදියට මට සාහී ගැන කියාගන්න බැරි තරම් සතුටුයි.. ඒ වගේම මට මගේ නංගි සෙලානී ගැන හරිම දුකයි.. එයා හෙන මෝඩ ගෑනියෙක්....
ම්.....
විශාක එක්ක සාහී... දවල් දවසෙම කාමරේට වෙලා උන්න නිසා මෙහේ නැන්දා ඒකට පොඩ්ඩක් අම්මලට මොනවා හරි කියලා තිබ්බා.. බදින්න ඉන්න දෙන්නෙක් උනත් බදින්න කලින් එක කාමරේක ඉන්න හොද නෑ කිව්වලු... තුරුල් වෙලා ඉන්න දෙන්න එපා කිව්වලු.. මොනවා උනත් විශාක කියන්නෙ කොල්ලෙක්නෙ කිව්වලූ...
පිස්සුද මන්දා..
කාමරේට වෙලා එයාලා තුරුල් වෙලා හිටියා කියලා බබාලා හම්බෙන්නෑනේ.. අනික අර ලෙඩ කෙල්ල එක්ක විශාක.. පිස්සු.. අරම දරුවෙක් වගේ බලාගත්ත කෙල්ලට විශාක එහෙම දේවල් කරන්නෙ නෑ ලෙඩ ගානේ ඉන්නැද්දි...
ඔන්න හොද උනාට පස්සෙ නම් ඉතින් යමක් සිද්ද වෙන්න පුලුවන්.... ඒවා ඉතින් උන්ගෙ කැමැත්තනෙ.. අපිට පුලුවන්ද ඒවට අත දාන්න.. අනික මන් උනත් කැමතිද මගෙ මැණිකව මගෙන් ඈත් කරලා තියනවට.. අම්මෝ මගෙ කොල්ලා ගහයි එහෙම කියන උන්ට පොල්... හිකිස්...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanficහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏