霜 - ෂිමෝ
අසනි වැසි ගිණි පුපුරු කොහෙටදෝ ඉගිලුණා
සඳ වසා වෙලා සිටි වලාකුළු විසිරුණා
පුංචි හිම තුහින කැට නිදහසෙ පාවුණා
ආදරෙන් පිරී ගිය හිත් දෙකක් යාවුණා...ගිලන් වූ බිඳුනු සිත ආදරෙන් නැහැවුණා
වියලි ගිය හිනා මල් ආයෙමත් පිබිදුණා
තටු සිඳුනු වසන්තය පණ ගසා හිනැහුණා
තුහින මල් සරය මැද නිල් අහස සැනසුණා...
💙 ❄️ 💙
•
හද පලා ගලා ගිය
උණු කදුළු පිස දැමූ
දෙව් දුවක් වැනී ඔබ
සෙනෙහසින් ඔපදැමූ
සිනහ මල් පෙති රැගෙන
මගෙ හද නිවාලූ
ලස්සනම පෙම් කවිය
ඔබයි මා හට ලියූ...ඔබේ නිල් නුවන් යුග මා සමඟ පැටලිලා
හද පුරා වසා සිටි ගන අඳුර පා කලා
මල් පිපුණු මාවතෙ දෑත් යුග පටලලා
සදවතියෙ ඇවිද යමු දිගු මගක් හිනැහිලා.........විශාක ♥️ සාහී
..
..
..
..
..
චූටී සෙනූ කියන්නද ඔයාට.. එතකොට ලොකු සෙනූ මට පොල්ලක් අරන් දෙකක් දෙයිද දන්නෙත් නෑ.. හී...
පුංචි ඕතර් බබෙක්.. ඇත්තටම පුංචියි තමයි එයා.. SaThSaRaNi__05
සෙනූගෙන් ලැබුනට පස්සෙ මට කතාවට තෑග්ගක් ලැබුනෙ ඔයාගෙන්.. ගොඩක් ස්තූතියි හරිම ලස්සනට ගලපලා.. හිතට ආස හිතෙන්න.. මගෙ කතාව ලස්සන කරන්න.. ඔයාගෙ වචන ගලපලා දුන්නට.. ඇත්තටම ගොඩක් ලස්සනයි මැණිකේ.....
𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fiksi Penggemarහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏