霜 - ෂිමෝ
හොදට ලියන්නම් හොදේ මම..... උම්මා උම්මා උම්ම්ම්මා.... පරිස්සමෙන් ඉන්න.. කන්න හොදේ.. උදේ වොශ් රූම් ගියෙත් නෑනෙ ඔයා... කාලා වොශ් රූම් යන්න... නොගිහින් හිටියොත් බඩ අමාරු වෙයි... ආ මේ අර ඩබලව අද නාවන්න අයියේ වෙලාවක් තිබ්බොත් ඈ... චුට්ටක් ගදයිත් වගේ හලෝ..... එද්දි මොනවා හරි ගේන්නම්.... ආදරෙයි සඳ.......
ම්... කොච්චර දේවල් කියෝලා කියෝලා ගියත් ඔයා ගියාම මට හරිම පාලුයිනෙ වස්තුව ඉතින්... මගෙ මැණික මගෙ අස්සෙ රිංගන් ඉන්නවටනෙ ආස මන්...
එයා බයික් එකට නැග්ගටත් පස්සෙ මන් එයාගේ ඔලුව මගෙ පපුවට හේත්තු කර ගත්තේ ආදරේ ගොඩක් දැනිලා....
පාලු දැනෙන්නද යන්නෙ...
ඔව්නේ....
මන් අද ඉක්මනින් එනෝනෙ... ඔයාට වැඩ වැඩි උනොත් බබාලව නාවන්න එපා.. මන් ඇවිත් නාවන්නම්...
ම්....
ඊයෙත් නාවන්න ඕනා කියලා හිතන් හිටියට අපිට ඒක කරන්න බැරි උනානෙ.. අද වත් නාවන්න ඕනේ.. නැත්තම් එයාලටත් හොද නෑනෙ.. පව්....
ගිහින් එන්නම් පණ....
පරිස්සමෙන් යන්න රත්තරන්.. බුදු සරණයි...
මන් මගෙ මැණිකගේ නලලත් ඉබලා ඔලුවත් අතගෑවාම එයා කැම්පස් යන්න පිටත් උනා.. මල පාලුයි ඉතින් දැන්...
මන් ගේට්ටුවත් වහලා දාලා ගෙට එද්දි පුංචි මැණික් කැට දෙක උදේට සප්පායම් වෙනවා.. මුන්ට තියෙන සැප අප්පා... දවසෙම ගිලිනවා...
පුතේ...
ම්...
වැඩ පටන් ගන්න වෙලාව තියන නිසා නාවමුද දෙන්නව....
ම්... ඒ දෙන්නව නාවලා ඉවර වෙද්දී ඉතින් මටත් නාන්න වෙයි.. ම්.. කමක් නෑ.... යන්කෝ එහෙනම්...
ඩබලව කාපු ගමන් නාවන්නත් බෑනේ.. මට තව වෙලාව තියෙනවා.. හෙමීට නාවනවා...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanficහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏