霜 - ෂිමෝ
දෙයක් අහන්න හිත රිද්ද ගන්නෙ නෑ කියලා ඔයා පොරොන්දු වෙනවද සඳ....
ම්... ඔයා මොනවා ඇහුවත් මන් ඒකට දුක් වෙන්නෙ නෑ... මන් දන්නවා ඔයා මගෙ හිත රිදුනත් ආයේම ඒ හිත හදනවා කියලා මැණික..
එයා මගේ කකුල් දෙක උඩින් ඔලුව තියාගෙන වැල්ලෙ හාන්සි උනේ මගේ මූණත් අතගාගෙන... මොකක්ද වස්තුව අහන්න තියෙන්නෙ....
අයියේ...
ම්.....
ඔයාගෙ කටහඩ නැති වෙන වෙලාවෙ.. ඩොක්ටර් මොකද කියලා තියෙන්නෙ.. මන් අහන්නේ එයා විශේෂ මුකුත් කියලද...
ම්.. මට තේරෙනවා ඔයා අහන්න යන දේ... ඔයාට දැනගන්න ඕන වෙලා තියෙන්නෙ බෙහෙත් කරොත් මට හොද වෙයි කියලා නේද....
මැණික... මම අම්මලා මාව හොයා ගද්දිත් පිච්චිලා නොහිටියට සෑහෙන්න වෙලාවක් ඒ දුම අස්සෙ හිර වෙලා නහය කට දුම් කොල විසෙන් හිරවෙලා හිටපු කොල්ලෙක්.. මට සිහියක් වත් තිබිලා නෑ... ගින්නක් කිව්වට ඒ ගබඩාව අස්සෙ තිබ්බෙම දුමක්.. ඒ ගබඩාව පිරෙන්න තිබ්බේ බීඩී විතරනෙ... ඒවා ගිනි අරන් ඉවර උනාම එතන තිබ්බෙ තනිකරම දුම්කොළ විස දුම.. මට මගෙ ඇස් දෙක වත් ඇරන් ඉන්න බැරි උනා මැණික... ඉතින් පැයකට කිට්ටු වෙන්න ඒ දුම අස්සෙ මන් හිර උනා... අදටත් මට දුම උහුලන්න බෑ... සාමාන්‍ය ලිපේ දුමක් වත්... ඉතින් දුප්පත් අපිට දොස්තර මහත්තයා කියලා තිබ්බෙ අවුරුද්දක් යන්න කලින් වත් මාව රට ගෙනිහින් හොද කරගන්න උත්සහ කරන්න කියලා.. මේ තියන තත්වෙ හොද නෑ කියලා.. ම්.. ඉතින් ඉන්නවත් හරියට තැනක් නොතිබ්බ අපි කොහොමද මැණික මගෙ ලෙඩ හොද කර ගන්න කියලා රට යන්නෙ...
අනික අපෙ අම්මාට සීයාව ආයේ මුණ ගැහෙද්දිත් අපිව තාත්තා දාලා ගිහිනුත් අවුරුද්දකට කිට්ටුයි.. එතකොට මන් ගොලු වෙලා අවුරුදු දෙකකට ලගයි... ඉතින් සීයා ඇවිත් අපිව මේ ගෙදර ගෙන්නගෙන මාව හොද කරන්න කියලා දොස්තරලා කී දෙනෙක් ගාවට එක්කන් යන්න ඇත්ද.. වැඩක් උනේ නෑ මැණික...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏