霜 - ෂිමෝ
මොකෝ ඕයී මෙච්චර ඉක්මනින් ආවේ හූම්.....
විශාකටයි නංගිටයි ගෙට එන්න හම්බුනේ නෑ.. හුඩ් එක යටට වෙලා මාවත් බදාගෙන මගෙ අතකුත් අතගගා හිටපු තුහින බෙරිහන් දුන්න පාරට ලාවට නින්ද ගිහින් උන්න මාත් උඩ විසික් වෙලා නැගිට්ටෙ...
ඔහ්.. සොරි සොරි අප්පා.. ඔයා නිදි කියලා මට අමතක උනානේ...
නිදි නැති උනත් ඔහොම බෙරිහන් දුන්නොත් හැබැයි මරු.. හූම්.. මන් ඔලුවත් කෙලින් කරලා විශාකලගෙ දිහා බලද්දි නංගි මගේ මූණවත් නොබලා ගෙට ගියේ විශාකටත් එන්න කියාගෙන....
බලපිය වෙලාව.. රෑ අටටත් ලගයි.. අපි රවුම් ගගහා පැය හතරක් විතර හිටියා.. උබ මට කියන්නෙ එලි වෙනකල් ඇවිදින්න කියලද ආ...
ඒක නම් ඇත්ත තමයි ඉතින්... ඇත්තටම මට නම් එච්චර වෙලා ගෙවුනා කියලා වත් තේරුනේ නෑ... එක පාරක් අම්මා ඇවිත් අපි දෙන්නටම තේ ගෙනල්ලා දුන්නා.. හැබැයි අපි දෙන්නා නෙවෙයි මෙතනින් නැගිට්ටෙ...
එයා අපෙ අම්මටත් විහිලු කරනවා.. අපි අම්මා ඒවට නම් හරි කැමතියි වගේ.. තුහිනගෙ ඔලුවත් අතගාලා ගෙට ගියේ එයා...
අනෝමා ආන්ටි උයනවා.. කාලම යන් ඈ...
අප්පටසිරි.. සෙලානිට එලියෙන් කන්න ඕනා කිව්ව නිසා අපි කෑවනෙ ඕයී...
එහෙනම් බම්බු ගහගන්නවා.. මේ උන්දැට කවලා තමයි මන් යන්නෙ.. තමුසෙට පරක්කුයි නම් යනවා අයියා.. මන් ටුක් එකක් දාන් එන්නම්...
මට කියන්න දෙයක් නෑ.. කොටින්ම මට හිතන්න දේකුත් නෑ... මේ කොල්ලා දැන් මාව පණ නැති කරලා තියෙන්නෙ.. මන් තුහිනගෙන් මෙච්චර සැලකිල්ලක් බලාපොරොත්තු උනේ නෑ.. ඒත් එයා මට දෙන්නෙ මාව පිරිලා ඉතිරිලා යන තරම් සැලකිල්ලක්...
ම්... හෙට ඉතින් ඔෆිස් නිසා...මේ...
ඉතින් කමක් නෑ යනෝ.. මන් එන්නම් පස්සෙ...
ඒ උනාට උබව දාලා යන්න බෑ.. ඊටපස්සෙ අම්මා මගෙ ඔලුව කයි එයාගේ හූටී බුටා දාලා ඇවිත් කියලා...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fiksi Penggemarහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏