❄️ හතලිස්හත්වන ගෙත්තම ❄️

341 89 376
                                    

霜 - ෂිමෝ











විශාක P. O. V.

ම්... රෑ අහස...

සඳ හරි ලස්සනට බෝලයක් වගේ පායලා තියෙන රෑ අහස.. හරි ලස්සනයි නේද.. කවුරුත් අකමැති නැතුව ඇති මේ කලුවර අහසෙ පායලා තියෙන සඳ දිහා බලාගෙන ඉන්න...

මන් හිතන්නෙ හඳ බෝලයක් වගේ පායලා තිබ්බත්.. ඒ නැතුව හඳේ කොටසක් පායලා තිබ්බත්.. හඳ කියන්නෙ හඳට.. හඳ කොහොම පෑව්වත් කලුවර අහසට හඳ අරගෙන එන්නෙ පුදුමාකාර ලස්සනක්....

කලුවර අහස ලස්සන කරන ආභරණය වෙන මොකක් වත් නෙවෙයි.. ඒ තමයි හඳ....

ම්... අහස කැත උනානම් කැත වුනේම අමාවක රැයට වෙන්න ඇති.. ආ තව හඳ හැංගුන දවසටත් අහස කැතයි නෙහ්....

හඳ තියෙනවා නම් අහස ලස්සනයි...

ම්....

මගෙ මල්ලිටත් තියෙනවනෙ ලස්සන සඳක්...

ම්.. ඇත්තටම අහස් මල්ලි කියන්නෙ හදක් වගේ කොල්ලෙක් තමයි.. පිරුණ ලස්සන කම්මුල් තියන ලස්සන හඳක් වගේ කොල්ලෙක් එයා.. එයාගේ ඇස් හැම වෙලාවෙම හිනා වෙනවා.. එයාගේ කට කතා නොකරට එයාගේ ඇස් නම් දැන් ගොඩක් කතා කරනවා.. ඒ එයා ඉන්නෙ සතුටින් නිසා වෙන්න ඇති... ම්ම්. තියන එකම අඩුපාඩුව ඌට කතා කරන්න බැරි එක විතරයි.. නමුත්...

හඬ මොන මගුලක්ද බන් මගෙ මල්ලි ඒ කොල්ලට දෙන පිස්සු හැදෙන ආදරයත් එක්ක.. ම්... එයාලගේ ආදරේ ඇතුලේ කටහඬ කියන්නෙ නිකන්ම නිකන් පයට පෑගෙන දූවිල්ලක් වගේ වෙලා ගිහින්.. ඒ තරම්ම එයාලා හඬ හිතන්නෙ නෑ.. එයාලා හිතන්නෙ එයාලගෙ හදවතේ තියන ආදරේ ගැන විතරයි...

ඇත්තටම ඒක තමයි වටින්නෙ...

ආදරේ දැනෙන්න ඕනේ හදවතටනෙ...

ම්.....

රෑ අහස දිහා බලාගෙන ඉන්න මගෙ හදවත අද හූල්ලනවා... දුකට.. වේදනාවට.. කලකිරීමට.. මේ හැමදේකටම මගෙ හිත දැන් කරන්න දන්නෙ හූල්ලන එක විතරයි.... මට ඇත්තටම හිනා වෙන්න අමතක වෙලා.. බොරුවට නම් හිනා වෙන්න මන් දැන් හොදට දන්නවා...

ම්...

මටත් පුලුවන් නම්.. මගේ වයසෙ අනිත් අයට වගේ මන් ආදරේ කරන කෙනා එක්ක රෑ අහස දිහා බලාගෙන ඉන්න.. එයා ගිරවෙක් වගේ කියවද්දි මන් බස්සෙක් වගේ හ්ම් කියන්න... එයාව තදට තුරුල් කරගෙන එයාගේ උරහිසේ මගෙ නිකට තියාගෙන එයාගේ සිනිදු ඇග අත ගගා.. ම්.. එයාව ගොඩක් ආදරෙන් මගෙ ලග තියාගෙන මේ අහස දිහා බලාගෙන ඉන්න..

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now