❄️ ආදරණීයම චරිත ❄️

306 68 37
                                    

霜 - ෂිමෝ







කළු ගල් යැයි කියා අතැර දැමු සමහර මැණික් ගල්
ආදරණිය මිනිස්සුන් විසින් ඔපමට්ටම් කර
එයට නැවත වටිනාකමක්
ලබා දුන්නේය....❤️

රැවටුනු හිතක් සුවපත් කරන්නට ආදරේ උතුරන අහිංසක හදවතකට පුළුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රැවටුනු හිතක්
සුවපත් කරන්නට
ආදරේ උතුරන
අහිංසක හදවතකට පුළුවන්...💛

💛

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සමහර චරිත මැවුනා..
මැවුනෙ කොහොමද කියලා
මට වත් හිතාගන්න බෑ...

සමහර මිනිස්සු ලග ආදරේ තිබ්බා...
එච්චර ආදරයක් පපුව අස්සෙ කොහොම උහුලන් ඉන්නවද කියලා හිතාගන්නවත් බැරි විදියට...

අහස්,
හැංගි හැංගි එදා පහළ බැලුවෙ එයාගේ නංගිගෙ ලස්සන බලන්න වෙන්න ඇති... ඒත්... අන්තිමට එයාගේ ඇස්වලට අහු උනේ ලස්සන දඟකාර ඇස් දෙකක්....

දෛවය වෙන්න ඇති.. ඒ ඇස් එයාට දකින්නම කියලා ලියවිලා තියෙන්න ඇති... ම්ම්.. එයාගේ ජීවිතේට වසන්ත කාලය එන්න ලියවිලාම තිබුනා.....

ම්....

තුහින,
හිම පෙත්තක් නෙවෙයි... එයා පුංචි මායාකාරයෙක්...

ස්ටේජ් එකක් නැති උනාට.. අතේ මැජික් යශ්ටියක් නැති උනාට... එයාගේ මැජික් බලේ තිබ්බෙ එයාගෙ පුංචි පපුව අස්සෙ...ඒ මැජික් එකේ නම තමයි..
" ආ ද ර ය "

අහස්ට ලස්සන හිනාවක් දුන්නෙම තුහින...
අහස්ගේ හිත ලස්සන කෙරුවෙම තුහින...
අහස්ට බලාපොරොත්තු ගොන්නක් දුන්නෙ තුහින...
අහස්ව සම්පූර්ණ කෙරුවෙම තුහින....

විශාක,
හිත රැවටෙනවා.. එයාගෙ හිත රැවටෙනවා.. එයා නොදන්නවා උනාට එයාගෙ හිත රැවටෙනවා.. හැබැයි එයා ඒක තේරුම් ගත්තෙ නෑ...

එයා කරපු ලොකුම වරද... එයා ආදරේ කරන කෙනා කවදාවත්ම වැරදි කරන කෙනෙක් වෙන්නෙ නෑ කියලා හිතපු එක.. එයාට වැරදුනෙ එතන....

නමුත්...
වරදින්නෙ නෑ විශාක ඔයාට හැමදාම.. 
ලැබෙයි ඔයාටත් ඔයා ඔය හොයන ආදරය...
එදාට පිරිලා යාවී ඔයාගේ ඔය හිතම...
ටිකක් බලන් ඉන්න ඔයාට නෑ තවම ආවේ වෙලාව...

සාහී,
මොනවද දන්නෙ අපි සාහී ගැන...
ඈ කටකාරියක්..
ඈ පුංචි විසේකාරියක්...
ඈ රණ්ඩු කෙක්කක්...
ඈ අවංක යෙහෙලියක්...
ඈ හොද දුවක්..
ඈ පුංචි සහෝදරියක්...

එ විතරද....

ම්...

ඇයත් බලා සිටිනවා ඇති ආදරයක් පුදන්නට...
ඇයත් බලා සිටිනවා ඇති ආදරයක් විදින්නට...
ඇයත් හීන දකිනවා ඇති සිතේ උපන් ආදරය රැක ගන්නට...

ම්....

චරිත වෙනුවෙන් මට ලස්සන Covers දෙකක්ම ගෙනල්ලා දුන්නෙ වෙන කවුරුත් නෙවෙයි.. ඔයාලා හැමෝම දන්න කෙනා...

ලස්සන ආදර කතා අකුරු කරන,
ලස්සන ෆොටෝ හදලා එවන,
ලස්සන වීඩියෝ වලින් කතා ලස්සන කරන,
වෙන කවුරුත් නෙවෙයි..
විශාකගෙ අත පතන එයා sx_zhan_91 සෙනූ....

හැමදාම වගේ ගොඩක් ස්තූතියි.. ඕතර් කෙනෙක් විදියට මට හරි සතුටුයි ඔයාලගෙන් ලැබෙන ආදරයට..  ❤️❤️❤️

මම,
𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now