❄️ පහලොස්වන ගෙත්තම ❄️

465 113 234
                                    

霜 - ෂිමෝ






🖊️
පාලුවේ සිත ඔබ එනකල්
බලාගෙනම හිද දෑස රිදෙනකල්
ඔබ එනතුරා මග බලන්
දිනෙන් දින මා පාර බලන්....


ඔයා එනකල් බලන් ඉන්න එක දැන් මට පුරුද්දකට ගිහින් තුහින... දවස ඔහේ ගෙවිලා යනකල් බලන් උන්න මේ අහස් දැන් බලන් ඉන්නෙ ඔයා අහස් කොල්ලෝ කියලා මාව හොයාගෙන මගේ කාමරේට කඩාගෙන පාත් වෙනකල් කිව්වොත් ඔයා ඒක පිලිගන්නවද....

මීට සති ගානකට කලින් මේ අහස් මේ කාමරේ අස්සෙ පුදුමාකාර දුකක් වින්දා තුහින.. හතර අතින් ඇහුන සද්ද එක්ක.. මගෙ හිත කොච්චර බය උනාද...

මන් දැන් බය ගුල්ලෙක් නෙවෙයි කියලා නෙවෙයි මේ කියන්නෙ..ඒත් මේ අහස්ගෙ හිතේ තිබ්බ ඒ මාරක බය ගොඩක් අඩු වෙලා ගිහිල්ලා...

තුහින මගේ ජීවිතේට ආවේ කොහොමද කියලා හරියටම  මන් දන්නෙ නෑ.. එක පාරටම හුළගේ ගහගෙන යන පිහාටුවක් වගේ එයා මගේ ලගට පාවෙලා ආවා...

එතන ඉදන් මේ අහස්ගේ ජීවිතේ සෑහෙන්න දුරට වෙනස් වෙලා කියලා මට දැනෙනවා....

අම්මා එක්ක ගොඩක් සතුටින් ඉන්න මම.. දැන් නංගි ඕෆ් වෙලා ගෙදර එන වෙලාවට කෑමත් කාලා ඉවර කරලා කාමරේට යනවා.. ඒ මුලු ගැන්වෙන්න නම් නෙවෙයි... ඒ කටින් ගැලවිලා පාඩුවෙ ඉන්න ඕන නිසා....

හැබැයි මට පාලුයි.. තුහින නැතුව ගොඩක් පාලුයි....

දවස් හයක්.. ම්... දවස් හයක් ගෙවිලා ගියා.. ඒක පොඩි දවස් ප්‍රමාණයක් වෙන්න ඇති.. ඒත් තුහිනව ඇස් දෙකට දකින්නෙ නැතුව දවස් හයක් ගෙවුනා... නිකන් මට කල්පයක් වගේ දැනෙන්නේ ඒ කාලේ... ම්...

මේ ගෙවිච්ච දවස් ටිකට මට දැනුන එකම දේ හරි පුංචි කාලෙකින් මන් ලගට ඇවිත් මගේ ජීවිතේ කනපිටම හරවපු තුහින මගේ ජීවිතේට කියාගන්න බැරි තරම් වටින මනුස්සයෙක්... මට සැනසීමක් බුරුතු පිටින් දෙන මනුස්සයෙක්....

E Modayo.. Exam iwarai aiyoo......

හිකිස්... මට හිනාත් ගියා.... මන් නෙවෙයි මේ දවස් හය කඩි කාලා වගේ උන්නෙ එයා.. සමහර වෙලාවට පාන්දර දෙකට තුනට කෝල් කරලා අඩනවා.. අනේ රත්තරන් අයියේ මට උබ නැතුව බෑ කියනවා... දුර ඉදන් හරි බලලා යන්න එන්නද අහනවා.. අල්ලන්න ඕන නෑලූ දකින්න විතරමලු ඕනේ.. මගෙ අයියේ මගේ අයියේ ගගා එයා හූල්ලද්දි මට ඇත්තටම දරාගන්න හරිම අමාරුයි....

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now