❄️ තිස්නවවන ගෙත්තම ❄️

309 82 410
                                    

霜 - ෂිමෝ










අහස් මල්ලී....

හ්ම්......

කෝ නැගිටපන්.. මන් කෑම ගෙනාවා.. කාලා වොශ් දාලා නිදිය ගනින් බන්.. අයියෝ උබ ආව විදියටම පුටුවෙ වැටිලා නිදිනෙ.. කෝ යමන් නැගිටපන්කෝ...

ම්.. මට නින්ද ගිහින් නේද... ම්... ගෙදරට ආවා කියලා නම් මතකයි..  තුහිනගෙ අම්මයි තාත්තයි එක්ක මන් ගෙදර එද්දිත් විශාකලා ඇවිත් හිටියෙ නෑ.. නංගි ඇවිල්ලා දොර ඇරගන්න බැරුව ඉස්සරහා හුඩ් එක යටට වෙලා නම් උන්නා...

අපි එනකල් පැයක් විතර එයා එලියට වෙලා බලාගෙන හිටියත් අද එයාගෙ මූණේ කේන්තියක් නෙවෙයි තිබ්බෙ.. ම්.. ඒක තනිකරම මට පාච්චලේට දාන හිනාවක්...

ම්.. කමක් නෑ නංගි.  අවංකවම ආදරේ කරන මොන මනුස්සයත් තමන් ආදරේ කරන කෙනා තමන්ගෙන් ඈත් වෙනවට කැමති නෑ.. ඒක ඔයාට ඒ තරම් නොතේරෙන්නෙ ඔයා විශාකට ඇත්තටම ආදරේ නැති නිසා වෙන්න ඇති..

ඒත් කවදාවත්ම ඔයා කෙනෙක්ට ඇත්තටම ආදරේ කරලා නැද්ද ..

මට ඔය විදියට හිනා වෙන්නෙ...

එක්කෝ නැත්තම් ඉතින් මට කොයි විදියට රිදුනත් ඔයාට ඒකෙන් සතුටක් ලැබෙනවා ඇති.. ඇත්තටම දැන් මට හිතෙනවා අපරාදෙ මන් ඔයා වෙනුවෙන් මෙච්චර කල් බලාගෙන හිටියෙ කියලා...

ඔයාව බේරගත්ත එකට මන් දුක් වෙන්නෙ නෑ නංගි.. හැබැයි ඔයාගෙ ආදරේ කවදාහරිම ලැබේවි කියලා බලන් උන්න එක නම් මන් කරපු ලොකු ගොන් වැඩක්...

අම්මලා එනකල් අපි ඉන්නම් පුතේ ඔයා එක්ක....

නෑ අම්මෙ.  ඒම ඕන නෑ.. මට වඩා ඔයාලට මහන්සියි.. කිලෝමීටර් බර ගානක් තාත්තා තනියම ඩ්‍රයිව් කරා.. එයාට කොච්චර මහන්සි ඇතිද...

මන් මගේ දුක එයාලට වත් පෙන්නුවෙ නෑ.. ඇත්තටම මන් ඒක දැන් පෙන්නන්න කැමති නෑ... මොනවා උනත් ඒ අම්මයි තාත්තයි උනත් කැමති නෑනේ දරුවො දුකින් ඉන්නවට....

මන් ඒ දෙන්නව බලෙන්ම යැව්වා ගෙදර.. අම්මා නම් යන්න කැමති උනේම නෑ.. ගෙදර කවුරුත් නෑනේ කියලා ඉන්නමයි හැදුවෙ... නංගි හිටියා කියලා එයාලා ගනන් ගත්තෙ නෑ...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now