霜 - ෂිමෝ
අයියෝ... අහස් අයියේ... හූම්... පොඩ්ඩක් අහනෝකෝ....
අහන්න බෑ අප්පා ඔයා කියන දේවල්.. කොහෙද මගේ කොලු පැටියා ගියේ.. රෑ නිසා මාව අරන් යන්නත් බෑ කියලා එයා විශාක එක්ක ටවුන් එකට ගියා.. මාව මේ කඩල ආච්චි එක්ක දාලා.. හූම්. කන් දෙක රිදෙනවනෙ අප්පා....
ආව් ආව්.. අපේ සාහීයා අහස් අයියට බැල්ම දානවද කොහෙද නෙහ්...
ඔව් ඇයි උබට ජෙලද.. නිකන් පු# නොදි පලයන් බූරූ පුතානෝ....
අයියෝ.. මේ කෙල්ලයි තුහිනයි වැරදිලා තමයි අම්මලා දෙන්නෙක්ගේ බඩවල් වල ඉපදිලා තියෙන්නෙ.. ඇත්තටම මට දැනුන දේ නම් මේ දෙන්නා නිකන් ටුවින්ස්ලා වගේ.. හරියට මගේ යීනූ පුතයි සීනූ පුතයි වගේ.. කාටහරි පහර දෙනවනම් මේ දෙන්නා වට කරගෙන පහර දෙන්නෙ.... යක්කු දෙන්නෙක් තනිකරම...
මේ කෙල්ලගෙ කට නිසා අර විහිලු කරන් ආව කොල්ලො දෙන්නත් යන්න ගියා.. ඇත්තටම මෙහෙම ගියොත් නම් මේ ළමයට කොල්ලෙක් හොයාගන්න වෙන්නෙ නෑ මේ ආත්මෙට....
අහස් අයියේ...
ම්...
ගොඩක් වෙලා තිස්සෙ පාර බලන් ඉන්න මට මේ කෙල්ල ආයේ ආයේ කතා කරනවා.. එයා හදන්නෙ මගේ හිතේ තුහින නැති පාලුව චුට්ටක් අඩු කරන්න.. ඒත් එයා නැති පාලුව ඔයාට නෙවෙයි නංගි කාටවත් අඩු කරන්න බෑ...
ඒත් මන් එයා දිහා බැලුවා.. නැත්තම් එයා පව්නේ....
තුහියා එයි හලෝ.. බය වෙන්නෙපා ම්.. දුක් වෙන්නත් එපා... එයා ගියේ අර වල බදින කට්ටියට බොන්න අරන් දෙන්න බාර් එකට අරක්කු ගේන්නනෙ.... එයා ඔයාව ඒ වගේ තැන් වලට එක්කන් යන්න ආස නෑනේ අයියේ.. ඒකයි ඔයාව තියලා ගියේ...
එයත් බොනවා ඇත්ද.. මන් නම් කවදාවත්ම බීලා නෑ... බොන්න වෙන එකකුත් නෑ.. මන් දන්න විදියට මට අරක්කු වගේ උගුර පිච්චිලා යන දේවල් බොන්න හොද නෑ... පුංචි කාලේ දුම්කොළ විස නිසාම මන් සෑහෙන්න කන්න බොන්න බැරුවත් දුක් වින්දනෙ... කොහොමත් මට ඒවා බොන්න ඕන නෑ...
Eyath bonawada....
තුහින වගේ අනිත් අයට මගේ හිත වත් බැල්ම වත් තේරුම් ගන්න බෑනේ.. සාහී නංගිටත් බෑ... සාහී නම් කිව්වේ එයා මට ගොඩාක් ආදරේ වෙන්නම්කෝ එතකොට තුහිනට වගේම මගෙ හිත එයාටත් තේරෙයි කියලා...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Hayran Kurguහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏