霜 - ෂිමෝ
වේදනාව... මන් හිතන්නෙ මනුස්සයෙක් ඉපදෙන වෙලාවට අපිට දැනෙන දරාගන්න බැරි සතුටට වඩා සිය දහස් ගුණයකින් වැඩියි මනුස්සයෙක් මිය පරළොව ගියාම අපිට දැනෙන වේදනාව...
ඒ නිසා වෙන්න ඇති .. අපි ආදරේ කරන මිනිස්සු පොලවට පස් වෙද්දි අපේ පපුව පහුරු ගාගෙන යන තරම් වේදනාවක් දැනෙන්නෙ...
ම්ම්ම්... අපි කොච්චර අකමැති මනුස්සයෙක් වුනත් වියෝ උනාම අපිට ඒකට සතුටු වෙන්න හරිම අමාරුයි.. මොකද අපි සංවේදී හිත් ඇති මිනිස්සු නිසා....
සීයට බැන බැන උන්න තුහින සීයාව සිමෙන්ති ගල් වලින් බැදපු වල ඇතුලට දාලා වහද්දි මගේ පපුවෙ එල්ලුනේ එයාටත් ඒ වේදනාව දැනෙන නිසා වෙන්න ඇති...
ලෝක ස්වභාවය මේක... ඉපදුනොත් අපි හැම කෙනෙක්ම මැරෙන්න ඕනේ...
අපි කොච්චර ආදරෙන් පරිස්සම් කරත් අපේ ආදරණීය මිනිස්සු හැම කෙනෙක්ම මිය පරලොව යනවා...
අද තුහිනව බදන් ඉන්න මන් හෙට උදේ වෙද්දි මැරිලා ඉන්න පුලුවන්... අද මන් මේ තුරුල් කරන් ඉන්න මගේ තුහින හෙට වෙද්දි මැරිලා යන්නත් පුලුවන්... මගේ අම්මා... ම්... අපි වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරපු මගෙ අම්මත් දවසක මට නොකියම යන්න යාවී.. ම්.. ඒක තමයි ලෝක ස්වභාවය....
හැමදාම හිතේ වෛර කේන්තිය තියන් ඉන්න මගේ නංගිත් මැරිලා යාවී...
ඒත් අපි හිත සතුටින් මැරිලා යද්දි හිතේ වෛරය කෝපය පුරවන් ඉන්න මගේ නංගි මැරෙන මොහොතෙ මොනවා හිතාවිද...
ජීවිත කාලෙම වැරදි කරත් මරණ මංචකයේ අපේ හිතට දැනෙන දේවල් නිසාලූ අපේ ඊලග ආත්මය තීරණය වෙන්නෙ... අද සීයගේ පාංශුකූලය දෙද්දි අපේ හාමුදුරුවො තමයි බණට එහෙම කිව්වේ....
සීයට මන් බැන්නට එයා පව් නේද අයියේ.. එයාට තව කල් අපි එක්ක ඉන්න තිබ්බා...
ම්.... පැන් කෙන්ඩියෙන් පැන් වක්කරද්දි හාමුදුරුවො මහ සද්දෙට ගාතා කියද්දි මගෙ මැණික මට එහෙම කිව්වෙ ඇස් වල කදුලු පුරවගෙන...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏