霜 - ෂිමෝ
අහිංසක අහස් ළමයා.... 💚
•
අමාරුයිද පුතේ... ඇගත් රස්නෙයිනෙ... පැනඩෝල් බීලත් ඇයි තවම උණ බහින්නැත්තේ...
අනේ මන් දන්නෑ අම්මේ.. මගේ මුලු අතම රිදෙනවා ඔලුව පුපුරන්න වගේ කැක්කුමයි.. මටම දැනෙනව මගෙ ඇගෙන් ගිනි පිට වෙනවා වගේ... මට හොදටම සීතලයි අම්මේ....
ඉන්න පුතේ.. මේ බත් කටක් කන්නකෝ... බෙහෙත් බොන්නත් කාලා ඉන්නෙ එපැයිනේ...
අනේ මට එපා... මගෙ ඔලුව අතගාන්න අනේ...
අම්මා නිදන් ඉන්න මගේ කටට බත් ගුලි ඔබන්න ගියත් මන් කෑවේ නෑ.. මට බත් කන්න නෙවෙයි ඕනේ.. මට නිදියන්න ඕනේ.. ඒත් මට නින්ද යන්නෙත් නෑ.. හරි අමාරුයි ..
අත ඉදිමිලා පුතේ... අපිට ආයෙමත් බෙහෙත් දාන්න වෙන තැනකට යන්න වෙයිද මන්දා...
අනේ බෙහෙත් දාන්න මට බෑ.. ඊයේ දාන්න ගිහින් ඩොක්ටර් පොඩි වදයක්ද මට දුන්නෙ...
අම්මා කොච්චර කවන්න ගියත් මන් කට අරින්නෙ නැති නිසා අම්මා මගේ වොශ් රූම් එකට ගිහිල්ලා අත සෝදන් ආවා...
මගේ ෆෝන් එකත් මට බලන්න අමාරුයි.. අත පය වෙව්ලන නිසා මට තුහිනට මැසේජ් කර ගන්න වත් බෑ.. කොහොමත් එයා හිතන් ඉන්නෙ මන් වැඩ කියලා නිසා එයා මට කරදර කරන්න මැසේජ් කරන්නෙ නෑ...
උදේම කොල්ලා මන් එක්ක හිත හොද නැති උනා... මන් එයාට කිව්වා හෙට එයා කොහොමත් මෙහේ එන නිසා අද එන්න එපා කියලා..
එයාව දකින්න අකමැත්තෙන් නෙවෙයි දෙයියනේ එහෙම කිව්වෙ මන් අසනීපෙන් කියලා ඔයාට පෙන්වන්න බැරි නිසා...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏