霜 - ෂිමෝ
පුතා ආ තේක...
ආ.. අම්මා තේක ලගටම උස්සන් ඇවිල්ලා.. මේ කකුල් අමාරුවකුත් තියාගෙන මෙයා මොකට පඬි නගිනවද මන් දන්නෙ නෑ.. අපි ඉතින් කිව්වත් වැඩක් නෑනෙ. අම්මා අහන්නෙ නෑ..
ඔන්න මගේ පොඩි චන්ඩියා ඇවිල්ලා පොඩ්ඩක් පිප්පුවා නම් බලාගන්න තිබ්බා... අපෙ අම්මගෙ තියෙන රැස් වලලු සේරම අයින් වෙලා යන හැටි...
ම්....
රෙදි එහෙම තියෙනවද පුතේ හෝදන්න....
අනේ.. එහෙම ඕන නෑ අම්මේ.. මන් දැන් පොඩි එකෙක් නෙවෙයිනේ.. ඔයාගෙ රෙදිත් උස්සන් ගිහින් හෝදන්න ඕන වයසක ඉන්නෙ දැන් ඔයාගේ පුතා.. ඉතින් මගේ රෙදි ඔයා හෝදන්න හොයන්න එපා.. අද උදේ මන් මගෙ ඇදුමුයි ඊයේ හවස ගලෝලා දාලා ගිහින් තිබ්බ මගෙ කම්මැලියගෙ ඇදුමුයි සේරම හෝදලා තමයි වැඩ කරන්න පටන් ගත්තෙත්....
නැද්ද...
නෑ අම්මෙ....
අම්මා මගේ ඔලුවත් අතගාලා පහළට ගියා... ම්....
මගෙ කාමරේ එහෙම අස් කරන්න වත් දෙයක් නෑ ඉතින්... මන් කොහොමත් දවස ගානේ අස් කරනවා.. ඉස්සර ඉදලම මන් මගේ කුණු රෙදි ගොඩ ගහන් ඉන්නෙ නෑ.. සෝදලා දානවා... කාමරේ මකුණු දැලක් වත් නෑ ඉතින්.. මන් උන්ට බයයිනේ.. ඒ නිසා දවස ගානේ බිත්තිත් පිරිසිදු කර ගන්නවා...
ම්.....
හැබැයි ඉතින් මගේ මැණික මන් ලගට ඇවිත් ගෙවිලා ගිය මාස දෙක පුරාවටම මේ කාමරේ කොණක අනිවාර්යයෙන්ම අඩුම තරමෙ එයාගේ යට ඇදුමක් හරි තිබ්බා... ඕවා ඉතින් අපෙ අම්මත් දකිනවා ඉතින්... මොනවා කරන්නද.. මට ඉන්නෙ වස කම්මැලියෙක්නෙ...
මගෙ කොල්ලා ගෙදර වැඩ වලට හරි කම්මැලියනෙ.. මිදුල අතුගාන්න කිව්වොත් ඉදල ඇදයි කියනවා.. අත රිදෙනවා ගානවා... තණකොළ ගලවන්න කිව්වොත් අතේ නියපොතු අවුල් යයි ගානවා.. පොල් ගාන්න කිව්වොත් පොල් ගෑම කෙසේවෙතත් පොල් ටික සේරම කනවා.. රටේ නැති කතා මන් මේ ගෙවිච්ච කාලේ පුරාවටම අහ ගන්න ඇති එයා එක්ක ගෙදර වැඩ කරන්න ගිහින් නම්....
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏