霜 - ෂිමෝ
පුතේ... මිදුල පොඩ්ඩක් අතු ගාන්නකෝ මයේ අම්මා.. කොළ වැටිලා බන් ගොඩක්....
ආ.....
මන් හිටියේ හවස හතරට සිරස ටීවී එකේ යන ස්කූබී ඩූ බල බල...
ඒක ඉතින් හතරට පටන් ගත්තට මොකෝ මන් බලන්න පටන් ගද්දිත් හතරයි කාලයි... මන් වැඩ කරලා ඉවර වෙලා අම්මා හදලා දුන්න තේකත් බිබීනේ ටීවී එක දා ගත්තේ... ම්.... මරු කාටුන් එක හැබැයි.. මගෙ නසරානියෝ දෙන්න වගේමයි ස්කූබියත්...
ඉතින් දැන් කාටුන් එක ඉවර වෙන්න තියෙන්නෙ තත්පර ගානයි.. ඒකත් ඉතින් බලලම මන් ටීවී එක ඕෆ් කරලා දාලා කෝප්පේ හෝදන්න කුස්සියට ආවා....
අතුගානවද...
හා....
නිකන් ඔහේ ඉන්නවට වඩා ඉතින් මිදුල හරි ගේ ඇතුල හරි අස් කරද්දි වෙලාව ගත වෙනවනෙ.. මට ඕනේ මොන දෙයක් හරි කරලා වෙලාව ගෙවා ගන්න...
ම්.....
ඔය එන්නෙ මගෙ අත් උදව් කාරයෝ දෙන්නා... අනේ ඇත්තමයි මුන් දෙන්නව ගෙට දාලා දොර වහලා එන්න බැරි උනානෙ මට... මුන් එක්ක මිදුල අතුගාන්න බෑ අප්පා.. බිම හාරනවා..
අහකට වෙලා ඉදින්ලකෝ.. කෝලම් නොකර...
මට බෑ අප්පා මුන් එක්ක මේක කරන්න.. අමාරුවෙන් අතුගාලා එකතු කරන කුණු ගොඩේ මුන් දෙන්නා බුදිය ගන්නවා..... ගිහින් බුදිය ගනිල්ලකො ගෙට ගිහින්... ගහනවා හරිද දැන් හොද පාරක් මන් හොදේ....
මුන් එක්ක මිදුල අතුගානවා කියන්නෙම යුද්ධයක්.. මට නම් පිස්සු වගේ...
අනේ නටා ගනිල්ලා...
ඕන එකක් කර ගනින් කියලා මන් ඇවිල්ලා මිදුලෙ ගල් බංකුව උඩින් වාඩි උනා.. ම්....
ඒක හරිම ලස්සනයි....
මගෙ ඇස් මුලින්ම ආසාවෙන්ම ගියේ තුහින ආපහු ආවාම එයාට ඇති වෙනකල් පැද්දි පැද්දි ඉන්න කියලා මන් ගෙනල්ලා දුන්න යකඩ ඔංචිල්ලාව දිහාවට...
එයා ඕකේ පැද්දි පැද්දි මන් එක්ක කියෝනවා මට මැවිලා පේනවා වගේ....
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanficහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏