❄️ හැටතුන්වන ගෙත්තම ❄️

240 75 40
                                    

霜 - ෂිමෝ











ම්ම්ම්... අලුත් දවසක් ඉතින් උදාවෙලා තියෙන්නෙ... උදේම චූටියට වැස්සකුත් කඩාගෙන වැටෙනවා.. දැන් ඉස්සර වගේ නෙවෙයි වැස්ස කියන දේ හරිම වැඩියි.. නිතරම වැස්ස ඇදන් වැටෙනවා හීනියට හරි.... මේ හොදට තියෙනවා මේ වහනිනවා... ඉස්සර මෙහෙම නෑ ඉතින්...

ඉතින් ඇගත් එක්ක සීතල වෙලා යද්දි මන් තව පොඩ්ඩක් බෙඩ්ශිට් එක මගෙ හෙලු මැණිකගෙයි මගෙයි ඇගට දාගෙන එයාව තව පොඩ්ඩක් තුරුල් කර ගත්තා...

තාම උදේ හතයි... හැබැයි වෙනදට  දවල් වෙනකල් නිදියන මන් අද උදෙන්ම අවදි වෙලා.. හැමදාම මේ වෙලාවට වත් නැගිටින්න ඕනේ.. පුලුවන් නම් මීටත් කලින්.. මොකද ජීවිතේ දිනන මිනිස්සු පාන්දරින් නැගිටිනවා.... අපි පස්ස රත් වෙනකල් නිදිය ගත්තට...

ම්ම්.....

වැස්සෙ සද්දෙත් එක්ක එයා හුස්ම ගන්න සද්දෙත් රිද්මයකට වගේ ලස්සනට ඇහෙද්දි මන් එයාව තව පොඩ්ඩක් තුරුල් කරගෙන උන්නා...

අහන් ඉන්නවා නම් වැස්ස සද්දෙ කියන්නෙත් ලස්සන මියුසික් එකක්...

ම්.....

චූත් බරයි.. උදේ කීයට නැගිට්ටත් ඉතින් මේ බර හෙන ගැහුවා වගේ අපිට එනවනෙ... ම්.. ඒ නිසා මන් එයාව අවදි නොවෙන්න පරිස්සමෙන් ඇදෙන් තියලා මුලින්ම ගියා වොශ් රූම් එකට... මූණත් හෝදගෙනම තමයි මන් ආවේ ඊටපස්සෙ  එලියට...

රෙදි කැලේ.. එයා පස්සත් එලියේ දාගෙන ආයේ නිදී...

ම්... එයාගෙත් හෙන කෝලම් තියෙන්නෙ වෙලාවකට.. පොඩි එකෙක් වගේ... අම්මෝ සමහර වෙලාවට නම් එයා තනිකරම යක් පැටියෙක්.. ඒ වෙලාවට එයාගේ පෙනුමට මට දැනෙන්නෙ කියාගන්න බැරි තරම් බයක්.. මොකට නපුරු වෙනවද මන්දා ඔච්චරට.... පිස්සු...

ම්....

මෙහෙම බලන් ඉන්නත් බෑනේ ඉතින්..  කම්මැලීනේ.. මන් හොරාට හොරාට ගිහින් එයාට කලිසම් කොටයක් ඇන්දුවා එයාව අවදි නොවෙන්න.. නැත්තම් මන් නැති අතරේ සාහීයා වත් කාමරේට එබුනොත් ඒකී බය වෙනවා...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now