❄️ විසිනවවන ගෙත්තම ❄️

487 89 315
                                    

霜 - ෂිමෝ







ලස්සන දවසක්... ම්... ජීවිතේ කවදාවත්ම නොලැබුන අත්දැකීමක් මට මගේ පැටියා නිසා අද ලැබුනා..

හෝල් එකක් අස්සට වෙලා කන පැලෙන්න සින්දු අහන්න තියෙනවා ඇති කියලා හිතාගෙන ආව මට අන්තිමට අහන්න ලැබුනේ හරි සැහැල්ලු අරථවත් පපුවට කිදා බහින ලස්සන සින්දු...

අපි දෙන්නා ඒ බිම එලලා තිබ්බ පැදුරු උඩට වෙලා ඒ සින්දු වල ජීවත් උනා අද...

එයා මාව එතැනම තියලා එයාගේ ගැන්සියට කියන්න ගියා අපි යනවා කියලා...

ඇත්තටම මන් මේ නිදහස් වටපිටාවට හරිම ආසයි... කිසි කලබල ගතියක් නෑනේ.. තවමත් ලස්සන සින්දු මගෙ කන් වලට ඇහෙනවා ... මන් ඒ සින්දුත් අහගෙනම චුට්ටක් ඇවිද ගෙන  ඉස්සරහට ගියා...

කොහෙද මෝඩස් යන්නෙ...

හිහ්.. චුට්ටක් ඇවිද්දා ඉතින්...

දුවගෙන ආව මගේ දගමල්ල මගේ අතේ එල්ලුනෙ මගෙ අතත් හපලා දාලා... හරි වැඩේ තමයි මටත් උනේ.. මන් දැන් මෙයාගේ මස් කෑල්ල වෙලා...

අහ්.. තුහින මල්ලී නේද මේ...

අහ්...

කවුද... ම්... ලස්සන ගෑනු ළමයෙක්...

ආ.. මේ නිශාලී අක්කනෙ... ඔයා ගෙදර යනවද...

ඔව් මල්ලී... අයියා එලියේ.. ඔයාලා ගේට් එක ලගට යනවා නේද.. මාත් චුට්ටක් ඔයාලා එක්ක ආවට කමක් නැද්ද....

අයියෝ කමක් නෑ හලෝ යන්.. ආ.. මේ අහස්.. මගේ බෝයිෆ්‍රෙන්ඩ්....

ඔහ්....

අනේ.. ඒම අදුන්නලා දුන්නට කමක් නැද්ද වස්තුවේ... ඔයා කිසි ගානක් නැතුවම මාව අදුන්නලා දුන්නනෙ...

අ..හස්....

ම්ම්.. අහස්....

ඒ ගෑණු ළමයා මන් දිහා හොදට බැලුවා... ඒත් ඇයි..  තුහිනගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා කිව්ව නිසාද...

ම්. හායී... මන් නිශාලී... තුහිනට වඩා අවුරුදු දෙකක් වැඩිමල් මම...

ආ...

ඒ ගෑණු ළමයා මට එයාගේ දකුණු අත දික් කරා.. මන් දැන් මෙයාට මගෙ අත දෙන්න ඕනද බබා... ම්.. ඔව් දෙන්නලු...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now