❄️ හතලිස්අටවන ගෙත්තම ❄️

343 80 553
                                    

霜 - ෂිමෝ









හරි හරි අම්මෙ බය වෙන්න එපා.. අපි හෙට උදේන්ම කුකුළව ඔලුව උඩ තියාගෙන ඇඹුල ගෙනියන ටිකිරි අක්කා වගේ පද්ද පද්ද ගෙදර එනවා... සත්තයි... ඒත් ඇත්තයි...

ඔය කිව්වෙ ඉතින් උදේ පාන්දරම මේ කොල්ලා කතාවක්.. මන් දන්නවා දැන් මොකක්ද මගෙ කොලු පැටියට වෙන්න යන්නෙ කියලා...

ආයී...යා.. ඇයි අප්පා ගහන්නෙ...

ඔය මන් කිව්වේ.. අනිවාර්යයෙන්ම අම්මගෙන් මෙයා කනවා ඔය කියවන කියවිල්ලට...

කට්ටියම එකතු වෙලා යන්න හිටපු නුවර ගමන මේ කොල්ලා හරි ලේසියෙන් අම්මලා තාත්තලා කපලා අයින් කරලා අපි තුන් දෙනාව විතරක් එකතු කර ගත්තනෙ.. හරි අපූරුයි ඉතින්.. ඒ උනාට තුහිනගෙ අම්මා ඒකට කැමති නෑ...

අහස්.. මෙන්න මූව හොදට බලාගන්න පුතා හොදේ.. මූට විසේ පොවලා තියෙන්නෙ.. ගඟක මුහුදකවත් පනීද දන්නෙත් නෑ අපි නැතුව ගිහින්...

නුවර මුහුදක් නෑ අයියූ.....

මේ චූටී...

හරි හරි ඉතින්.. හූම්.... තව ගහන්නෙපා...

පව් අප්පා.. සැර පාරක් කෑවා උදෙන්ම.. කෝ එන්න මෙහෙට බලන්න.. රතු වෙලාද දන්නෙ නෑ.. අම්මත් ඉතින් මේ පුංචි පුංචි දේවල් වලට චටස් ගාලා ගහනවනෙ මගෙ චූටී එකාට..

ඒකා කොහොමත් කටකාරයනෙ.. ඒක නොදන්නවා ඈ අම්මත්.. ඒ නිසා එහෙම ගහන්න ඕන නෑ අප්පා... පව්නෙ...

අනේ මන්දා.. මෙයාටම හරියන බෝයිෆ්‍රෙන්ඩ් පොඩ්ඩ තමයි මේ.. අතගානවා දාගෙන ඒ පාර...

ඉතින් අප්පා ඒකට රිදුනනෙ.. අම්මා නම් කියයි.. මන් මගෙ කොල්ලට රිද්දන්න කැමති නෑ..  කවුරුත් රිද්දනවට කැමතිත් නෑ...

හී.... දැක්කා නෙහ්.. මගෙ පෙම්බරා.

දැක්කා දැක්කා...

අපි මේ උදේම ලෑස්ති වෙලා ඉන්නෙ නුවර යන්න... අද සාහී නංගිව එක්කන් එන්න පුලුවන්නෙ අපිට.. අම්බේ.. මන් පුංචි එකීව දවස් දහතුනකින් අප්පා අද දකින්න යන්නෙ.. මට නිකන් ඒක කල්පයක් වගේ දැනෙන්නේ...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now