霜 - ෂිමෝ
පුතේ... අනේ රත්තරන් උදේට අර දරුවා එව්ව කෑම එක විතරනෙ මගෙ පුතා කෑවේ.. සෑහෙන්න වෙලා ඔයා නිදියත් ගත්තා.. බලන්න දැන් වෙලාව තුනත් පහු.. යන් අපි බත් පොඩ්ඩක් කමු.. කෝ යන්...
බඩගිනි නෑ අප්පා මට...
මන් සෑහෙන්න වෙලාවක් නිදියලනෙ අප්පා.. තුනත් පහු කියන්නෙ අම්මෝ.. පැය හයක් විතර මන් නිදියලා...
විශාකත් යන්න කලින් මාව බලන්න ආවාලු.. මන් කට කපලා නිදි නිසා එයත් ගිහින්... මන් ගැන මොනා හිතුවද දන්නෑ එයා...
යන් යන්... දැන් ඇයි මගෙ පුතා කාමරේටම වැදිලා ඉන්නෙ.. එලියෙ බංකුවට යන්කෝ අපි දෙන්නා...
නෑ මට මෙතන හොදයි...
අද කාමරේ ජනෙල් වත් ඔයා ඇරලා නෑ.. ඇයි පුතේ.. එහෙම ඉන්න හොද නෑ.. අපිට ස්වභාවික හුලග ඕනේ ඇගට.. ඒනිසා ජනෙල් අරින්න.. එලිය වැටෙන්න ඕනේ කාමරේට..
ම්.. ඒත් මන්..මට ඕන්නෑ.. කලුවර හොදයි....
අම්මා මගෙ අතින් අල්ලගෙන මාව බලෙන්ම වාඩි කෙරෙව්වා ඇදෙන්.. දැන් මට සාලෙට යන්නම වෙනවා අප්පා...
ම්... ඒක දිය වෙලා... හූම්...
මන් පැය හයක් උන්ඩි කරන් නිදියලා තුහින දුන්න චොකලට් එකත් දිය වෙලා.. හැබැයි පැකට් එකෙන් එලියට ඇවිත් නෑ.. මේක ෆ්‍රිජ් එකේ දැම්මා නම්...නෑ නෑ එක්කො ඕන්නෑ..නංගි වත් කෑවොත්.. ඒක මගේ... මට එයා එක්ක රණ්ඩු කරන්නත් බෑනේ එයා මේක කෑවොත්...
ආ කොහෙන්ද පුතේ චොකලට් එක...
තුහින දුන්නෙ...
අර දරුවද එවලා තියෙන්නෙ...
ඔව්නෙ...
මන් හයියෙන් ඔලුව වැනුවා.. අම්මට හිනා ගියා.. එයා මන් අතින් චොකලට් එක අරන්.. ඒක ඇද ලග තිබ්බ කබඩ් එකට දැම්මෙ...
මන් දන්නවා ඔයා මේක දැන් කන්නෙ නෑ කියලා.. එයා ආවාම මේක කන්නකො එහෙනම්.. ඔයාට ඔය සාංකාව හොදවෙයි තුහින පුතා ආවාම...
එතකොට මට දැන් සාංකාවද... එයා නැතුව...
සාංකාව නිසාද මට කන්න බැරි.. කාමරේට වෙලා ඉන්න හිතෙන්නෙ.. බය හිතෙන්නෙ.. දුක හිතෙන්නෙ.. ඇඩෙන්න එන්නෙ.. ම..මන් හිතුවෙ මට පිස්සු හැදීගෙන එනවා කියලනෙ...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏