霜 - ෂිමෝ
සඳ.. කෝ මෙහේ බලන්න.. ආ හරි නෙහ්.. කෝ එන්න ඇස් වලට බෙහෙත් දාලා ඉමු යන්න කලින්....
ම්...
හාන්සි වෙන්න සඳ... විනාඩි දහයක් වත් ඉන්න ඕනා හරිද ඔහොම.. හැබැයි නැගිට්ටොත් පඩයා වගේ ආයේ අල්ලලා දානවා බෙහෙත් බොට...
හරි හරි අප්පා.. නැගිටින්නෙ නෑ.... මන් මෙහෙම්ම ඉන්නම්.. ඔයා දාන්නකෝ ඔය බෙහෙත් ටික.. යකො මේ බෙහෙත් බිංදු දෙකක් නිසා මන් අහගන්න කතා අප්පා.. හූම්.... පඩයලු.. හූම්...
ඊයෙ රෑත් ඇස් වලට බෙහෙත් දැම්මෙ මගෙ මැණිකමයි.. කොහෙද ඉතින් මට ඕවා පුරුදු වැඩ ඈ.. ඇදේ හාන්සි කරවලා එයා මගෙ ඇස් වලට ගානට බෙහෙත් ටික දැම්මා... මමත් ඉතින් බෙහෙත් ටික ඇස් වලට වැටුනනෙ කියලා එයා නැගිටිද්දිම නැගිට්ටා.. ඔක්කොම බෙහෙත් වාන් දැම්මා අප්පා...
එච්චරයි මට මතක...
එක පාරටම පටෝන් ගෑවා... පිට නෑ ඉතින් මගේ...
හාපෝ එවෙලෙ ඉදන් මන් මේ තාමත් බැනුම් අහනවා අප්පා...
ගුටි කෑවා මදිවට තාම මන් බැනුම් අහනවා හලෝ...
මගෙ මැණික දැන් දවසින් වැඩිහරියක්ම කරන්නෙ මට බනින එක... ඒ තරම්ම මන් වැරදි කරනවද මන්දා...
උම්ම්ම්ම්ම්මහ්....
මන් බත් බෙදාගෙන එනකල් ඔහොම්ම ඉන්න හොදේ...
එයා මගේ ඔලුවත් අතගෑවා අප්පා.. එදා වගේමයි අදත්.. මට එයාගේ ඇගිලි මගෙ කොන්ඩ ගස් අස්සෙන් යනකොට දැනෙන සනීපෙ නම් කියලා නිම කරන්න බෑ....
මන් එහෙම්ම උන්නා.. එයා බත් එකක් ගෙනල්ලා මටත් කවලා එයත් කාලා එහෙම කොන්ඩෙත් පීරගෙන අපි පහළට එද්දි බෝධි වදින්න යන්නෙ නැති අපේ ජෝඩුව කැන්ගරුවෝ වැහිලා වගේ උඩ පනිනවා...
මුන්ට පොඩ්ඩක් අවදානේ දෙන්න ඒයී ඔයා.. නැත්තම් උඩ පැනලා පු# බිම ඇන ගනියි...
ඇත්තක් හැබැයි... එයාලා ඉල්ලන අවධානෙ එයාලට දෙන්න ඕනේ.. අනික මේ උඩ පනින පැනිල්ලට කකුල බැරි වෙලා බිමට පතබෑවුනොත් ඒම පස්ස පැත්ත උලුක් වෙයි.. නැට්ටත් කැඩෙයිද දන්නෙ නෑ...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏