霜 - ෂිමෝ
නිදාගෙන ඉන්න හැටි මගේ පණ ටික... කටත් ඇරන්.. හූම් තොල් අයිනේ චූටී කෙළ බිංදුවකුත් තියනවා... ඔයාට හොදටම නින්ද ගිහින් වස්තුව...
ම්.....
මන් ඒ කට පොඩ්ඩක් පිහදාලා එයාගේ ඔලුව අත ගෑවේ ෆෝන් එකෙන් වෙලාවත් බලලා...
පාන්දර තුනයි තිස් අටයි.. ම්.. එලාම් තියාගෙන මන් නැගිට්ටෙ තුනාමාරට.. ඒත් තාමත් මන් තුහිනව අවදි කරේ නෑ... නිදාගෙන ඉන්න එයා දිහා බලාගෙන ටිකක් වෙලා හිටියා...
අද හවසට මෙයාව පන්සල් එක්කන් ගියා නම් හරි.. හෙට විභාගෙනෙ...
හාමුදුරුවොන්ට කියලා පිරිත් නූලකුත් බන්දවන්න ඕනේ...
අනේ... හූම්....
කෝ ඉතින් නැගිටින්නකෝ... හොද ළමයනෙ මගේ...
පාන්දර එක වෙනකල් පාඩම් කරා එයා.. මාත් ලග හිටපු නිසා පාඩම් කර ගත්තා.. නැත්තම් ඒ ඈනුම් යැව්ව විදියට දහය වෙද්දි නිදියන්න නම් ඕනේ..
අන්තිමට මන් නවයාමාර වෙද්දි තේ බෝතලේකුත් හදාගෙන කාමරේට ගෙනාවා.. තේ බිබී තමයි එයා පාඩම් කරෙත්.....
අන්තිමට පාන්දර එක වගේ වෙද්දී නම් මට තේරුනා එයාට ඉන්න බෑ කියලා.. නිදි මත වැඩි උනාම කොච්චර පාඩම් කරත් වැඩකුත් නෑනේ.. ඊටපස්සෙ හතරට ආයේ වැඩ පටන් ගමු කියලා පොඩ්ඩක් තුරුල් කර ගත්තා.. මන් හිතන්නෙ විනාඩි දෙකක් නම් ගියේ නෑ.. ඊට කලින් තුහින නිදා ගත්තා...
උ..දෙත් වෙලාද අප්පා.. හූම්.. නිදාගත්තා විතරනෙ....
ඒකනෙ.. එලි වෙලානේ.. අපි නැගිටිමු... කෝපි එකක් එහෙම බීලා අපි වැඩ පටන් ගමු එන්නකෝ....
බලෙන්ම ඇදෙන් නැගිට්ටවගෙන වොශ් රූම් එකටත් එක්කන් ගිහින් ඊටපස්සෙ අපි දෙන්නම ආවා කුස්සියට...
මොකද වුබර්ලා පාන්දර නැගිට්ටෙ.. ඇයි උබලටත් කැම්පස් එකේ විභාගෙද හෙට...
අපි කුස්සියේ ලයිට් දාන් සද්ද බද්ද කරද්දි හිරිත් ඇරගෙන පොඩි උන් දෙන්නා ඇවිත් තුහින අනන් මනන් කිව්ව නිසා ටයිල් පොලවෙ පෙරලුනා බඩවලුත් එලියේ දාගෙන...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏