❄️ හැටපස්වන ගෙත්තම ❄️

123 47 24
                                    

霜 - ෂිමෝ











කොහේවත් නෑනේ පුතේ නංගි....

ඔව් අයියේ එයා කොහේවත් නෑ...

ආහ්.. එහෙම වෙන්නෙ කොහොමද.. එයා ඊයේ රෑ හිටියේ ගෙදරනෙ..

කොහේ මගුලක ගිහින්ද ඒ ඔඩ්ඩිය අපිට පේන්නෙවත් නැතුව.. අනික අද සඳත් ගොඩක් උදෙන් නැගිට්ටනෙ...

ඔව් උදේ මන් අවදි වෙද්දිත් ගෙදර දොර ජනෙල් ලොක් කරලා තිබ්බෙ.. අනික එයා කොහේවත් යනවා කියලා වත් අපි කවුරුත් දැක්කෙ නෑ තමයි.. අම්මත් උදෙන්ම නැගිටලනෙ උන්නෙ..

අනික මගෙ පැටව් දෙන්නා වෙනදා එයාව දැක්කම බුරනවා සීසක් නැතුව... හැබැයි අපිට අද එහෙම දෙයක් ආසාවට වත් ඇහුනෙ නෑ.. වෙනදා වගේ මුන් දෙන්නා බිරුවෙ නෑ.....

අව්........................ව්... අව්........................................ව්....

ශක්..  මේ මොකද මේ.. උඩු බුරන්නෙ.. දෙනවා පාරක් හරිද... යනවා අරහෙට...

අම්මා ටිකක් සද්දෙට ඩබලට බනිද්දි කොල්ලො දෙන්නා තව හයියෙන් උඩු බුරන්න ගත්තා...

බල්ලො උඩු බුරන්න හොද නෑ.. ඒක හරිම මූසල දෙයක්.. එයාලා උඩු බුරන්නෙ එයාලට කරදරයක් කියලා ඉව වැටුනාමලු...

ම්ම්ම්...

අම්මා මම නංගි තුහින අපි හතර දෙනාම නංගිව හෙව්වා.. ඒත් එයා ගෙදර හිටියේ නෑ.. එලියේ වත් උන්නෙ නෑ... මේකී අපිට නොකියම මගුලෙ ගිහින් වගේ අදත්.. අද ඉතින් එයාගේ මගුල් නටන දවසනෙ... එහෙනම් යන්න ඇති අපිට නොකියා... ඒ තරම් අසහනේ ඒකීට...

ම්.. හරි.. හරි... සුපුරුදු විදියට එයා යන්න ඇති එයාගේ ගමන් බිමන්.. හරි වාඩි වෙන්න ඔයාලා.. එයා නැති උනාට කමක් නෑ මම කතාව කියන්නම්...

ඔව් ඒක හොදයි....

ඇත්තටම ඉතින් එයා ගෙදර නැති එක අපිට එච්චර අරුම පුදුම දෙයක් නෙවෙයිනේ... කොහොමත් ඉරිදා කියන්නෙම එයාගේ දවස.. අපිට පුදුම වෙන්න දෙයක් නෑ.. හැබැයි අද නොකියම ගිය එක තමයි පුදුම වෙන්න කාරණාව.... නොකියා ගියා නෙවෙයි අපි කාටවත් නොපෙනී එයා ගියේ කොහොමද කියලා මන් මේ කල්පනා කරන්නෙ...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now