霜 - ෂිමෝ
තුහිනයව නැගිට්ටවන්නම්කෝ අහස් අයියේ.. ඌ හරි ආසාවෙන් හිටියේ අපේ නැන්දා හදන පොල් ටොෆි කන්න....
ම්...
මන් තුහින නිදාගන්න කල් ඉදලා පහළට ආවේ සාහී එනකල් මග බලන්න ඕන නිසා.. කෙල්ල ඉතින් තනියමනෙ ගියේ.. ඒ නිසා ටිකක් බයයි.. මන් පාර ලගටත් ගිහින් බලාගෙන උන්නා එනකල්...
ආහ්.. ඇයි මේ පාර බලාගෙන...
ඈත තියාම මන් ඉන්නවා දැකලා කෙල්ල නම් සතුටෙ උඩ පනිනවා.. මන් මේ බොක්කෙ බිත්තර තම්බ තම්බ උන්නෙ... එයා පරක්කු නිසා...
අතින් කටින් බෑග් දෙක තුනකුත් උස්සගෙන කෙල්ල ගෙට ආවේ.. මොනවද දන්නෙ නෑ මේවයේ තියෙන්නෙ.. කඩචෝරුවක් නම් ඉතින් මටත් දෙන්නෙ නැතෑ නෙහ්...
එයා ගෙනාව බඩුත් උස්සන් නාගෙන එන්නම් කියලා කාමරේට ගියාම මන් අම්මා ගාවට වෙලා උන්නා බලු කුක්කො දෙන්නවත් තියාගෙන ටිකක් වෙලා.. මගෙ කොල්ලා කීයට නැගිටීද මන්දා අප්පා...
අද ඔයාගෙ මූණ වෙනදට වඩා එලිය වැටිලනෙ පුතේ...
ඈ...
පෙම් පාට ගහලා වගේ...
අනේ යන්න අම්මෙ යන්න.. ඒම එකක් නෑ.. මන් කොහොමත් ලස්සනයිනෙ ඉතින්... අපෙ අම්මගෙ විහිලු....
චූටී පුතා අද වැඩි දැගලිල්ලක් නෑ නෙහ්.. ආව ගමන් නිදි.. නෙහ්...
ම්ම්....
අමාරු ඇති නෙහ්....
අම්මට මොනවා හරි ඉව වැටිලද මන්දා අප්පා... ලැජ්ජාවේ බෑ.. මන් නම් ආයේ අම්මගේ මූණ වත් බැලුවෙ නෑ.. මෙතනින් මාරු උනා නම් හරිත් වගේ...
කොහෙද මාරු වෙන්නෙ.. ඉන්නවා ඔහොම ටිකක්...
අනේ අම්මේ.. හූම්...
අම්මගෙන් බේරෙන්න බෑනේ අප්පා ඉතින්.. ඒත් අම්මගෙ බැල්ම අල්ලන්නෙත් නෑ.. හූම්.. දරුවො දෙන්නෙක් හදපු මගෙ අම්මට බැරි වෙයිද නේද මගේ මේ හැගීම් තේරුම් ගන්න.. මොනවා උනත් මගෙ අම්මත් ආදරේ කරපු ගෑනියෙක්නෙ....
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏