❄️ පනස්නවවන ගෙත්තම ❄️

263 67 240
                                    

霜 - ෂිමෝ











විශාක P. O. V

දැන් කොහොමද ම් අඩුද....

ම්.. අඩුයි...

උණු වතුර එකක් රත් කරලා දෙන්නම්.. වොශ් දාමුද.. ම්...

හා....

පව්...ඇත්තටම මට පව් කියලා හිතෙනවා.. දගමල්ලක් වගේ එහාට මෙහාට පැන පැන අපෙ මල්ලිගෙ ඔලුවත් කකා හරි විනෝදෙන් ඉන්න කෙල්ලනෙ.. දැන් මේ නිකන් බාගෙට මැරිලා වගේ ඉන්නේ....

ඒ තරම් අමාරු උනා එයාට උණ හැදුනට පස්සෙ.... කන්න බොන්න පවා බැරි උනා.  රටේ නැති කඩචෝරූ ගිලින කෙල්ල දැන් කෑමක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ....

ඔයාටත් මගෙන් බෝ වෙයිද දන්නෑ...

ඉතින් මොකද වෙන්නෙ...

ඊයේ දවසෙමයි අද උදේ වරුවෙමයි වදුරු පැටියා වගේ මගේ ඇගේ එල්ලිලා ඉදලා දැන් තමයි නෝනාහාමුට මතක් වෙලා තියෙන්නෙ උණ මටත් බෝ වෙයි කියලා...

හිකිස්... කමක් නෑ ඉතින්.. බෝ වෙයි කියලා ඉතින් අතෑරලා දාලා යන්නත් බෑනේ ඇස් දෙක බෝල කරන් දාලා යන්නෙ නෑ නේද කියලා අහපු හැටි මතක් වෙනවනෙ මට....

තව චුට්ටක් ඉදලා යමු.. ම්...

පැය ගානක් එයා නිදිය ගත්තා.. බෙහෙත් වලටමද කොහෙද සෑහෙන්න නින්ද යනවා එයාට.. ඉතින් එයා පැය ගානම නිදාගෙන උන්න නිසා මන් හිටියෙත් එයා නැතුව පාලුවෙන්නෙ..

ම්...

චුට්ටක් කච කච ගාන්න ඉතින්.. නැත්තම් මට පාලුයිනේ....

ඇත්තටම දැන් එයා මන් අහන දේකට හ්ම් හා ගාන එක අහලා අහලම මට දැන් එපා වෙලා තියෙන්නෙ.. මට ඕනේ එයා එක්ක රණ්ඩු වෙලා හරි ජොලියෙ ඉන්න... වෙනදට ඉන්නවා වගේ...

මොකද මන් අදුනන සාහී කියන්නෙ නිතරම කියවන රණ්ඩුවලට අත වනලා කතා කරන කොයි වෙලෙත් ගහ මරාගන්න චන්ඩි කෙල්ලෙක්.. ඉතින් මෙහෙම මූණ දෙක කරන් මැලවිලා ඉන්නවා දැකලා මටත් පුරුදු නෑ....

සුදු අයියේ...

ම්....

දැන් මටත් පුරුද්දට ගිහින් එයාගේ නලලට මගෙ කම්මුලක් හේත්තු කරන් එයාගේ දිග කොන්ඩෙ අතගාන එක... ඒ කොන්ඩෙ මරු අප්පා.. හෙන ආසයි මන්.....

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now