❄️ දෙවන ගෙත්තම ❄️

617 120 178
                                    

霜 - ෂිමෝ








හරි හොද මිනිස්සු පුතේ ඒ....

ඔයාට කියන්න මැණික.. සල්ලිකාර මිනිස්සු උනාට ඒ අම්මා තාත්තා ලග වත් විශාක පුතා ලග වත් විශාක පුතාගෙ මල්ලි ලග වත් නෑනේ ලොකුකමක්... කට පුරවලා හිනා උනා.. හිත හොදින් කතා කරා..

මොනවා උනත් නංගිගෙ වාසනාව පුතේ ඒ වගේ පවුලකට යන්න ලැබෙන එක...

ම්... අම්මගෙ සතුට අද.. හිනාව එකයි අප්පා ඒ මූණෙ අද... කියවනවා කියවනවා ඉවරයක් නෑ.. ඇත්තටම අපේ අම්මට මෙච්චර කතා කරන්න පුලුවන්ද අප්පා.. මන් දන්නෙත් අදනෙ....

විශාක පුතාගෙ අම්මා ඔයාවත් ඇහුවා පුතේ..

" ආ...."

ඇයි මාව ඇහුවෙ එයාලා.. ඒ කියන්නෙ එයාලා මන් ගැන දන්නවද.. එයාලට මන් ගොලු උනාට අවුලක් නැද්ද එතකොට..

ඔව් ඉතින් මන් ගොලු උනා කියලා ඒ මිනිස්සුන්ට මොකෝ.. මටත් පිස්සුනෙ....

ඔව් පුතේ.. විශාක පුතත් ඇහුවා කෝ නැද්ද අහස් මල්ලි කියලා...

ම්.. ඉතින් මොකක්ද දන්නෙ නෑ අපේ අම්මා එයාට කිව්වෙ...

ඒ මිනිස්සුන්ට ඔයා කතා කරන්නෙ නෑ කියලා ගානක් නෑ පුතා.. ඒ මිනිස්සු ඒ ගැන හාර ඇවිස්සුවේ වත් නෑ.. කොහෙද ඉතින් අපේ ගෙදර එකීට තියෙන්නෙ මහ අමුතුම චර්‍යාවක්නේ.. ඒකීට ඒකිගෙ එකම අයියව පේන්නෙ කුණු රොඩ්ඩක් වගේ... මට නම් පුදුම වේදනාවයි පුතා...

" ම්... ඒකට කමක් නෑ අම්මා.. නංගි දවසක තේරුම් ගනීවිනේ..."

අම්මා අද උදේ ඒ මිනිස්සු ඇවිල්ලා හවස ගිය වෙලාවෙ ඉදන් මාවත් ඇදන් කුස්සියට ඇවිල්ලා කියවන්නෙම ඒ විස්තර...

ම්.. ඒකත් හොදයි.. මන් හරි පාලුවෙන් අප්පා හිටියේ... කාමරේට රිංගන් තට්ට තනියම ඉන්නවා කියන්නෙ මහ එපා කරපු දෙයක්නෙ.. ඒ නිසා අම්මා කියවන එක අහන් ඉන්න එක මරු....

මම ගොලු කෙනෙක් වෙලත් මගෙ කන් ඇහෙන්නෙ කොහොමද කියලා ගොඩක් අය කල්පනා කරනවා තමයි.. ම්... ඒකටත් හේතුවක් තියෙනවා.. ඒත් දැන් ඒවා ඕන නෑ... වෙච්ච දේවල් වෙලා ඉවරනෙ.. බොරුවට ඕවා කතා කරලා වැඩක් නෑ.. මට සනීප වෙන්න පුලුවන් තත්වයක් දැන් කොහෙත්ම නෑ.. මන් දැන් කතා කරන්න බැරි මිනිහෙක්...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now