..
..
..
..ච..ස්..
කකුල පැටලිලා ගිහින් බිමට වැටෙනකොට අත සද්දයක් එක්ක මොකක් හරි සීතල වතුරක ගෑවෙනවත් එක්කම මං අත උස්සලා බැලුවා..ඒ වෙලාවෙම දනගහන් වගේ වැටිලා හිටිය මං පිටිපස්සට පැන්නෙ හදේ එළියෙන් මගෙ අත දිගේ කලු පාටට ලේ ගලන් යනවා දකිනවත් එක්කමයි..ලේ..මං දකින්න අකමැතිම දේ..ඒත් හැම හීනෙකම ඉවරයක් නැතුව දකින දේ..අත පිහගන්නවත් සිහියක් නැති වෙද්දි මං හිරි වැටිලා ගිය කකුල්වලට බැන බැන නැගිට්ටා..කලුවරේම පැටලි පැටලි මං දිව්වත් ඒ කුණු ලේ ගඳ තවමත් මගෙන් ඈත් උනේ නෑ...හුස්ම ගන්නවත් බැරි තරමට ඒ පිලී ලේ ගදෙන් නහය හිර වෙද්දි වමනෙ කරන්න උවමනාව තිබුණත් ඒකටවත් මට පණක් තිබුණෙ නෑ..කනට උඩින් ගලාගෙන ආව ලේ බින්දුවක් බෙල්ල දිගේ පහලට ගලන් යනවත් එක්කම අමාරුවෙන් හරි දුවගෙන ගිහින් පන බේරගන්න හිතපු මාව දැනුණු දේත් එක්කම එකතැන නතර උනා..
ඒ ලේ බින්දුව..පඩිපෙලෙන් රෝල් වෙලා ගියපු පාර ඔළුව තුවාල උනු එකෙන් ගලන් ආව ඒ උනු ලේ බින්දුව..ආයෙම වතාවක්..කී වෙනි පාරද කියන්න දන්නෙ නැති ආයම වතාවක් ඒ සීතල දිව මගෙන් ගලපු ලේ බින්දුව පස්සෙ පන්නන ගමන් තිබුනා..අමුතු ගෙරවිල්ලකුත් එක්ක ඒ දිව මගෙ බෙල්ල පුරා යද්දි බයටම හෙලවෙන්නවත් බැරිව මං ගල් වෙලා හිටියා..කෑ ගහගන්නවත් බැරිව දත් හැදි එකට වැදෙන ගමන් වෙව්ලනකොට ඒ දිව වෙනුවට උල් දෙයක් මගෙ බෙල්ලෙ පැත්තකට බහින්න ගත්තා..චි..ස්..හඩත් එක්ක ඒ උල් දේ මගෙ බෙල්ලට බැහැලා යනකොට අයිස් කුට්ටියකට වඩා ඒ සීතල අත් දෙක මගෙ ඇග වටේ එතෙන්න ගත්තා..නිකම්ම නෙවේ ..දාඩියෙන් පෙගිලා තිබ්බ ශර්ට් එක ඇතුලෙන් ගිය ඒ අත් දෙක උල් නියපොතුවලින් තදටම මාව හූරන්න ගත්තා..ඒ සූරන එකේ වේදනාව දැනෙන්නවත් සිහියක් නැති කොට බාගෙට පියවිලා යන ගමන් තියෙන ඇස්වලින් මට බැලුනෙ මුලු විලා එකම අදුරෙ ගිලිලා තිබුණත් ලයිට් එකක් පත්තු වෙලා තිබුණු කවදාවත් අරින්න බැරි උනු බ්ලිඩියඩ් කාමරේ ජනේලේ දිහා..මගෙ මැනික..මගෙ හැමදේම ..එයා ඒ කාමරේ ඇතුලෙ හිර වෙලා හිටියා..ජනේලෙට ගහන ගමන් බේරගන්න කියලා කෑ ගැහුවත් එයා වෙනුවෙන් බය වෙන්න එපා මැනික කියන්නවත් මට පණක් තිබ්බෙ නෑ..බෙල්ල හිරි වැටිලා ගිහින් කියලා දැනෙනවත් එක්කම මගෙ පපුවම සූරලා දාපු ඒ අත් දෙක පල්ලම් බැහැලා මගෙ කලිසම ඇතුලට යද්දි මොනවත්ම කර ගන්න බැරිව මං අසරන උනා..
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..