🌻 Chapter 03 🌻

11.9K 1.4K 260
                                    

" …………මුලින්ම මේකේ ස්ටොයිකියෝමිතික අගය අපි සලකා බලන්න ඕනේ...කැල්සියම් පොස්පේට් අනු කැල්සියම්.....එකට......................"

පන්තිය දිහාවට හැරිලා ඉස්සරහට හැරිලා මන් ආයෙ පන්තිය දිහාවට හැරුනෙ ඉනට අත ගහගන්න ගමන්....

" නෙතුජ......... !! ගිලිනවා ගිලිනවා හොදේ....මොනාද ඔච්චර දාගෙන ගිලින්නේ....ඉන්ටවල් එකට කාපුවා වමාර වමාර කනවද ඒ ගමන ආ......"

ඉනටත් අත් දෙක ගහන් අපතයො රැළගෙන් මන් ඇහුවෙ උන් නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො ටික වගේ මන් දිහා බලන් ඉද්දි....

" කවීෂ !!! ගලවනවා ඔය මාස්ක් එක.....ජිවිතේට මාස්ක් දාන උන් නෙමෙයි.... ඇත්තමයි බොලා එක්ක ඉදල දැන් මටත් පිස්සු..."

" හිතන්නෙපා සෑර්..."

"Shut up...මන් දැන් ලණුවක් අරන් ඇවිත් කටවල් සේරම බදිනව...."

මන් පිටිපස්සෙ පේළියටම සැර කළේ උන් සේරම බෝඩ් එක දිහා බලාගනිද්දි...

" ඔය නිදන් ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න මන් ඔතනට එන්න කලින්....."

ආයෙ බෝඩ් එක දිහාවට හැරෙමින් මන් කිව්වෙ මෙසෙට ඔළුව ඔබන් නිදන් ඉන්න නඩේ ගුරා දැකලා...

" කිරියෝ....නැගිටපන්....අන්න... සර් කතා කරනව....කිරියෝ......හු#තෝ නැගිටපන්......"

" විශ්ව !! ඔය කටේ සද්දෙ අඩු කරගන්නවා...."

රැළටම පිච්චිලා යන්න රවල මන් ඉගෙන ගන්න ළමයි ටිකට උගන්වන්න පටන් ගත්තෙ ඒ ළමයිගෙ කාලය නාස්ති කරන්න ඕන්නැති නිසා....මේ පන්තියේ ඉන්න සේරෝම දක්ෂ ළමයි....අර ශාන් ඇතුළු පස් හය දෙනා ඇරෙන්න.... හැබැයි ඌ උනත් අදක්ෂයි කියන්න බෑ.... ගණන් එහෙම හදනව....

" ළමයි සදුදා නිවාඩු....ආයෙ අපි අගහරුවාදා මේක කන්ටිනිව් කරමු.... හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට යන්න   "

බෙල් එක ගහපු නිසා මන් කිව්වෙ පොත් ටික එකතු කරල අතට ගන්න ගමන්...මන් හොරැහින් පිටිපස්සෙ පේළිය දිහා බලද්දි මන් දැක්කා නිදන් උන්න මිනිස්සු නින්දෙන් ඇහැරිලා ඉන්නව....

" අනේ මන් දන්නෑ මේ ළමයි මෙච්චර රෑටත් පාඩම් කරනවද කියල ..."

කොණ්ඩෙත් අවුල් කරන් ඇහැරන් ඉන්න ශාන්ට හින්ට් එකක් ගැහුව මන් පොත් ටික අරන් එළියට ආවෙ ඌ මන් දිහා අමුතුවට බලන් ඉද්දි....

Bound To The Stars✨Where stories live. Discover now