කොන්සර්ට් එක ඉවර වෙද්දි වෙලාව රෑ එකොළහ පහු උනා..... අනුර එක්ක හෝල් එකෙන් එළියට ඇවිත් මන් එයාට මැසේජ් එකක් දැම්මෙ එයා මැසේජ් එකක් දාන්න කියල කල්තියා දැනූවත් කරල තිබ්බ නිසා....
වෙලාවකට මන් දන්නැ මන් මේ කරන වැඩ වල තේරුමක්.... අනික් අතට මේවා කොහේ කොහෙන් කෙළවර වෙයිද කියලත් මන් දන්නෑ.....
" kelinma gate eka lagata awidanna yanna.... dew athi issaraha..... eya ekka gedara yanna.... "
ටික වෙලාවක් ගිහින් ශාන්ගෙන් රිප්ලයි එකක් ආවෙ මගේ මූණ පරල වෙද්දි......
" anee minihoo.... mata uu ekka yanna bAa...tho waren...."
" man wadak chuti ayye...."
" man methanata wela innam......"
හිතුවක්කාරකමට මාත් කිව්වෙ විනාඩියක් යන්න නෑ බ්ලේසර් එකත් අතේ අරන් කොල්ලා එළියට එද්දි.... සිරියස්ලි එයා වැඩකද දන්නැ ඉදියෙ...
" සොරි...ශාන්..... මන් කට තිබ්බ පලියට කියෙව්වෙ... ඔයාට වැඩක් නම් ඔයා යන්න....."
" අවුලක් නැ.....මන් එතන settle කරල ආවෙ...."
" කමක් නැහැ.....මන් ඩේව් අංකල් එක්ක යන්නම්...."
" ඔයාව ඇරලවල මන් ආයෙ එන්නම්....යන්..."
එයා ඉස්සර උනේ තිබ්බ ගොන්කමට ඔළුවටත් ටොක්කක් ඇනන් මන් ශාන් පස්සෙ වැටෙද්දි...
" ආ..... අනුක් උඹ යනවද...උඹ දවස් තුනක් නිවාඩු කිව්වා නේ....."
මගක් දුර ඇවිදන් යද්දි අනුර කෑ ගහල කිව්වෙ මන් කරන්ට් එක වැදුනා වගේ ඉක්මනට ශාන් උන්න හතරමායිමෙන් ඈත් වෙද්දි...
" ආහ්....ඔව්.... "
" දැන් කොහොමද යන්නෙ ?? "
" ගෙවල්....ළග...අංකල් කෙනෙක්...ඉන්නව අනුර.....මන් යන්නම්.... "
" හරි බන් හරි .....දානෙ වැඩ ටික හොදට කරගන්න එහෙනම්....."
හිනාවෙලා මන් එන්න ආවෙ ශාන් ටිකක් අමුතුවට මන් දිහා බලන් ඉද්දි....අනුරයටත් අච්චර එකට ඉදල දැන්ම සමුදෙන්න ඕනෙ උනානෙ....ශාන්ගෙ මූණ නිකන් අපායට ගහපු කැලැන්ඩරේ වගේ...
" ශාන්....."
"..................."
" ශාන්න්න්න්න්.....පොඩ්ඩක් ඉන්නවකො ළමයෝ.... හෙන ගැහුවා වගේ යන්නෙ...."
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...