ගාර්ඩ්න් එකේ බෙන්ච් එකට වෙලා මන් බලන් උන්නෙ අහස දිහා.... මන් දන්නෑ මන් ගිය ආත්මෙ මොන වගේ පවකට කර ගැහුවද කියල .....මේ තරම් අවාසනාවන්ත වෙන්න තරම්..... ඇයි මගෙ ජිවිතේ මෙච්චරටම මට දුකක් වෙන්න ගත්තෙ.....?
ඩොක්ටර් කිව්වා වගේම බීපු බෙහෙත් වලටද කොහෙදෝ ඇගට මාරම අපහසුවක් දැනෙද්දි ඇස් වලින් දැනුනෙ ගින්දර පිට වෙනව වගේ.....
සතියක් තිස්සෙ මගේ හිනාව මගෙන් ඈතට ගිහින් ඉද්දි හිතේ හිර කරන් උන්නු දුක හීනියට කදුළු බිංදුවක් දෙකක් අස්සෙන් ගලන් යන්න උනා....
අහස දිහා බලාගෙනම හිත ශක්තිමත් කරගන්න උත්සහ කරපු මන් මටත් නොදැනි ලෝකෙන් දුරකට ගිහින් කල්පනාවට යටත් වෙලා ඉද්දි යන්තම් හරි මන් මේ ලෝකෙ සිහියට ආවෙ කකුලට සීතලක් දැනුන නිසා .....
ගැස්සිලා බලද්දි මන් දැක්කෙ මගේ කකුල ලෙවකන ගමන් ඔඩොක්කුවෙන් ඔළුව තියන් දිව එහෙ මෙහෙ කරන ඩොගීව......
" ඩොගී ???"
අකුණක් ගැහුවා වගේ මන් කකුල මෙහාට කරගනිද්දි ඌ ලෝකෙ ඉන්න ලොකුම හුරතලා විදියට තණගොල්ලෙ වැතිරිලා කකුල් අත පය වැනුවෙ මන් ගල් වෙලා බලන් ඉද්දි.....
මූට මක් වෙලාද?
මාව දුටු තැන කන්න පයින එකා මන් ඉස්සරහ හුරතල් වෙනවා.....
මේ ඩොගීමද කියල සැක හිතුන නිසා මන් උගේ බෙල්ලෙ තිබ්බ පටිය දිහා උවමනාවෙන් බැලුවා....
නෑ නෑ දෙයියනේ ......මේ ඩොගීම තමයි .....උගේ බෙල්ලෙ තිබ්බෙ ශාන් ඌට දාපු සිල්වර් ඩොගී කියල ගහපු චේන් එක....
" අහ්....හ...හ්හ්....ඩො...ගීහ්......"
මන් ඌ දිහා බෙල්ල හරවන් බලන් ඉද්දි ඌ දඩෝරියන් වගේ ඉදන් බෙන්ච් එක උඩට පැනලා මගේ ඔඩොක්ක්වෙන් හොම්බ තියාගත්තෙ මන් අත් දෙක උඩට උස්සන් වෙව්ලමින් බලන් ඉද්දි.....
" ආහ්හ්වූ........"
ආයෙත් මන් දිහා බලලා බෙල්ල හරවලා ඌ මගේ ඇග උඩින් පැනලා තනකොළ ගොල්ලට දිව්වෙ මොකද්දෝ තැටියක් අරන් මන් ළගට එන ගමන්....
" he....he....මේ....ක.....මට..ද ?"
ලාවට තැටියට ඇගිල්ල තියල මන් ඇහුවෙ කෙනාගෙ හැටි හොදටම දන්න නිසා....මේකා ඉස්සර මන් ශාන්ව ඇල්ලුවත් මට රවනවා....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...