🌻 Chapter 65 🌻

8.9K 1.1K 489
                                    

" දේශ්..... අයියව බලාගන්න..... මන් ඉක්මනට එළියට දුවල එන්නම්....."

ඇද ළග ස්ටූල් එකේ වාඩිගෙන උන්න දේශ්ට එයා කිව්වෙ හරි කලබලෙන් බ්ලේස්සර් එක දාගෙන....

" හ්ම් "

දේශ් හා කිව්වම එයා මන් ළගට දුවල ඇවිත් මගේ නළල සිපගෙන ඒහෙන්මම ගියේ මන් එයාගෙ අත අල්ලගන්න උත්සහ කරත් ඒක ඵලක් නැති වෙද්දි....

" ක්හ්ම්.....ශාන්....."

දොර ළගටම ගිය එයාට උගුර පාදලා දේශ් මාව පෙන්නුවම බරැති සුසුමක් වාතලයට මුදා ඇරලා ආයෙ මන් ළගට ආවා....

" ඇයි වස්තුව ?"

මගේ අත එයාගෙ කම්මුල උඩින් තියාගෙන  එයා ඇහුවෙ මගේ දෙතොල් වලට තද කරල කිස් එකක් තියල....

" කො....හෙ...ද.... ය...න්....නෙ ?"

" ම්ම්ම්..... පොඩි ගමනක්....ම්ම්..... ඉක්මනට එනවා... මන්...."

මගේ ඇස් පිහාටු පිරිමදින ගමන් එයා කිව්වෙ ආයෙත් වතාවක් දෙතොල් වලට පෙක් එකක් තියලා....

" පරි...ස්ස...මෙන්...ගිහින්... එන්න..... "

" හ්ම්....."

මගේ නහයට කිස් එකක් තියපු එයා කාමරෙන් එළියට ගියේ දොරත් වහන්.....

දේශ් එයා කර කර ඉදිය වැඩේ කරන්න ගත්තෙ පොඩි හිනාවක් එක්ක...

" ඇ.....යි ?"

" ඔයාලා දෙන්නා හරිම cuite කපල් එකක්...."

මගේ ඇගිලි වල නියපොතු කපන ගමන් දේශ් කිව්වෙ මන් දිහා බලලා.....

" දේ....ශ්... ම...ට....උදව්වක්.... කරන්න ....."

" මොකද්ද..... ?"

" ඇත්ත...ටම..... ඩොක්...ටර්....කියපු...දෙයක්....මට උනොත්.... "

" අයියේ ?? "

දේශ් මන් දිහා බැලුවෙ වේදනාවෙන්....

" අහ...න්න...දේශ්.... ඇත්ත....ටම.... එහෙම.... උනොත්..... මාව..... මේ වහල....යට දවස්....ගනන්...තියන් ඉන්නෙපා...... ප්ලීස්..... "

" මොනාද දෙයියනේ කියන්නෙ ?"

දේශ් මගේ අත තද කරල අල්ලගත්තෙ එහෙම කියන ගමන්....

" ම....ගේ....body.... එක.... පේරාදෙණිය.... කැම්පස්.... එකට...දෙන්න....."

" අනුක් !"

Bound To The Stars✨Where stories live. Discover now