🌻 Chapter 11🌻

12.3K 1.4K 337
                                    

මන් වේගෙන් ඇවිදන් යද්දි උන් දෙන්නා මන් ඉන්න පැත්තට දුවන්න ගත්තෙ ඇගම වෙව්ලිලා යද්දි...

මමත් ඉක්මනට කලුවර පාර දිගේ කෙලින්ම දිව්වෙ උන් දෙන්නා ඉදපු පරතරයත් එක්ක උන්ට මාව අල්ලන්න ලේසි නොවෙද්දි.... 

ඒත් මේ කවුද ?? ඇයි මාව ෆලෝ කරන්නෙ....

කිසි දෙයක් හිතාගන්න බැරි උන නිසා මන් ඉක්මනට දොර ඇරගෙන ඇතුලට ගිහින් දොර ඇතුළෙන් ලොක් කරගත්තෙ එහෙන්මම සෙටියට කඩන් වැටෙන ගමන්....දුවල දුවල මහන්සියක් දැනෙද්දි මන් ගෙදර ල්යිට් එකක් වත් නොදා වේගෙන් ගැහෙන පපුවත් අල්ලන් ගුලි උනේ සෙටියට....

මොකද්දෝ නුහුරු මතකයක් ඇවිස්සෙද්දි පපුව දෙගුණයක් වේගෙන් ගැහෙන්න ගත්තෙ දාඩිය පිරුණ නලල මන් අතින් මිරිකගනිද්දි.....

" ඒයි....මේ දොර ඇරපන්....!! "

අර පිරිමි දෙන්නගෙන් එක්කෙනෙක් දොරට තට්ටු කරද්දි මන් සෙටියෙ වාඩිගෙන කලුවරේම බලන් උන්නා..... මොකද මන් දොර ඇරන් යන්න කියලද?? එහෙම ගියොත් මුන් කවුද කියල දැනගන්න පුලුවන් උනත් ඒක නුවණට හුරු දෙයක් නෙමෙ....

දාඩිය පිරුණු මූණ පිසිමින් මන් අවධානෙන් අහන් ඉදියෙ ඒ මිනිස්සු දෙන්නා කරන්න හදන්නෙ මොකද්ද කියල .....

ටික වෙලාවක් ඒ දෙන්නගෙ හෙවණැල්ල ගේ දොරකඩ වැටිලා තීද්දි කුටු කුටු සද්දෙත් එක්ක මට තේරුනා ඒ දෙන්නා කාත් එක්ක හරි ක්ෝල් එකක් කියල ....

දෑස් වල කදුළු පිහන් මන් තවත් සෙටියට ගුලි උනේ මනසේ ඇදෙන බය හිතෙන මතකයට ශාප කරමින්....

Knock 💥 Knock 💥

ආයෙත් දොරට තට්ටු වෙද්දි මන් කලින් වගේම සද්ද නැතුව ඉදියා....

Knock.......

දොරම ගැලවිලා යන සයිස් එකෙන් තට්ටු කරද්දි මට ගොඩාක් බය හිතුනා...දෙයියනේ මේ කවුද ??මෙයාලට මොනාද මගෙන් ඕනෙ...??

" ඕයි තමුසෙ නිදිද....??"

ඒ කටහඩ එක්ක මන් ගැස්සෙද්දි මන් ඉක්මනට සාලෙ ලයිට් දාලා ගිහින් ඇරියෙ දොර.....

මෙ වෙලාවෙ ශාන් දොර ළග උන්නු එකට හිතේ මාරම සතුටක් දැනෙද්දි ගැහි ගැහිම මන් ශාන්ව දෝතින්ම වැළදගත්තෙ මන් කරන දේවල් වල තේරුම මන් වත් නොදැන....

Bound To The Stars✨Where stories live. Discover now