🌻 Chapter 69 🌻

11.2K 1.1K 402
                                    

දවල් වරුවම පූල් එකේ බැහැලා ඉදලා මන් දවල්ට කන්න ගත්තෙ තුනත් කිට්ටු කරලා...ඒකත් අම්මගෙ බැනුම් නිසා.... තව පොඩ්ඩෙක් එයා මට ගහනව පූල් එකෙන් එළියට එන්නෑ කියලා.....

අදට මන් ලංකාවට ඇවිත් මාසයක් විතර .....නෑ නෑ....ඊටත් වැඩී....මාස එකහමාරක් වගේ.......

කියන්න විශේෂ දෙයක් නම් නෑ......ම්ම් දැන් සති දෙකකට කලින් විතර තිස්සමහරාමෙ අම්මයි නන්ගියි Aussi ගියා..... නන්ගිගෙ ස්ටඩීස් වැඩවලට.....නන්ගිට තනියෙන් බැරි නිසා එහෙ හැමදේම හදා දීලා මගේ සල්ලි වලින්ම මන් ඒ දෙන්නව එහෙ යැව්වා.....මන් මේ පවුලෙ කෙනෙක් උනත් මන් ඒ දෙන්නා ගැන බලන්න ඕනෙ කියන එක මගේ හිතේ තියෙනව.....

ඊට අමතරව මමයි ශානුයි ගෙවල් දෙක තුනක්ම බැලුවා..... ෂෙරිල් අම්මා අපේ බබාගෙ වැඩේ කරන්න හොද තැනක් හොයලත් දුන්නා...ඒත් ඒක කරන්න කලින් අපි මැරි කරල ඉන්න ඕනෙ නිසා ඒක චුට්ටක් පැත්තකින් තියලා අපි දෙන්නා වෙඩින් එකට ලෑස්ති උනා.....

සීයා පපා හොටෙල් කිහිපයක්ම අපි දෙන්නට යෝජනා කරල එවද්දි පහුගිය සතියෙ අපි දෙන්නා ඒ හැම එකටම ගිහින් බැලුවා.....

ම්ම්ම්...... ඒත් එක්කම තවත් කසාදයක් වෙන්නලු යන්නේ.....

යසිරුවගේ එක..... !

යසිරු හොයන් උන්නෙ පිලිප් හොස්පිටල් එකේ ලේඩි ඩොක්ටර් කෙනෙක්ව..... කොහොමහරි අපිත් ඒ කෙල්ලව බලන්න කෙල්ලගෙ ගෙදර ගියා....කෙල්ලගෙ ගෙදරිනුත් එහෙ ආවා.... ගෙවල් වලින් කැමති ......කෙල්ලගෙ අක්කා ඉන්නෙ කැනඩා වලලු.....අක්කට බබා හම්බෙන්න ළගයි කියල කෙල්ලගෙ අම්මයි තාත්තයි ඉන්නෙ ළගදිම කැනඩා යන්නලු..... ඒ නිසා ඒ දෙන්නගෙ මැරේජ් එකත් ඉක්මනට කරන්න වෙන පාටක් තීන්නෙ කියල පෙවුනම සීයා පපා කිව්වෙ දෙකම එකට ගමු කියල ..... ස්ටෙෆාන් ඩැඩා ක්‍රිස්තියන් නිසා හරියට බැලුවොත් මාත් ක්‍රිස්තියාන් වෙන්න ඕනෙ ඉතිං ..ඒත් මන් පොඩි කාලෙ ඉදන් ඇදහුවෙ බුදු දහම නිසා කවුරුත් මට බලපෑම් කළේ නෑ..... ඒත් මේ සිද්ධියේදි හැමෝටම තිබ්බ ප්‍රශ්නෙ පෝරුව..... මොකද එකපාර පෝරු දෙකක් ගහන්න කියල යැ ?

දැන් ඊළගට ගෙදර අයට තියෙන ප්‍රශ්නෙ තමයි දේශ්.....සීයා පපා නම් කැමති දේශ්වත් මෙහෙන්මම බන්දලා දාන්න....තුන්දෙනාගෙම වෙඩිම එකට ගන්න..... ඒත් ඉතිං ඌට තාම එකෙක් නෑනේ..... ඌට බදින්න වෙන්නෙ ඌවම තමයි ......

Bound To The Stars✨Where stories live. Discover now