🌻 Chapter 22🌻

12.3K 1.3K 202
                                    

කොළඹට ආවයින් පස්සෙ බස් සේරම ස්කෝලෙට දාද්දි ළමයින්ගෙ දෙමවුපියො බස් එක ළගට ඇවිත් නම කියනක්න් කොල්ලො උනත් යන්න දුන්නෙ නෑ......මොකද කොළඹට එද්දිම වෙලාව පාන්දර දෙකයි ගානක් නිසා ......

මහන්සියට මන් බස් එකෙන් බැහැලා එළියෙ බෙන්ච් එකකින් වාඩිගත්තෙ ළමයින්ගෙ වැඩේ තිලිණ සර් බලන නිසා ....

" මන් ගෙදර ගිහින් එන්නම්....."

මන් උන්න තැනට ඇවිත් ඔළුව අතගාලා ශාන් කිව්වෙ....

" කොහොමද ....බස් එකෙන්.....බැස්සෙ ??"

" මට භාරකාරයො ඕන්නෑ කියල ඔයා දන්නව නෙහ්.....මන් විනාඩියෙන් වොශ් එකක් දාන් එන්නම්..... "

මගේ ඔළුව අතගාලා කිව්ව ශාන් කම්මුලත් පොඩ්ඩක් පිරිමැදලා ගේට් එකෙන් එළියට ගියේ මන් පිස්සු හොල්මන වගේ බලන් ඉද්දි...

කිව්වා වගේම විනාඩි දහයක් යන්නත් කලින් ශෝටකට ස්කිනර් එකක් ගහන් ශාන් ආයෙ ගේට්ටුව ළගින් මතු වෙද්දි...... තාම G එකේ සමහර ළමයින්ගෙ දෙමවුපියො ඇවිත් නැති නිසා කම්මුලටත් අත තියන් මන් බලන් ඉදියා....

ගේට් එකෙන් ඇතුළට ආව එයා මැත්ස් එකේ හෙඩ් එක්ක කතාවකට වැටුනෙ මන් දිහා බලමින්මයි......

මන් නිදි කිර කිරා බලන් ඉදියෙ එයා දිහා.....

ටික වෙලාවක් යද්දි එයාව දෙක වෙලා පෙනිලා අතත් ගලවන් මූණ බිමට වැටෙනවා....ආයෙ බෙල්ල කෙලින් කරන් මන් ත්‍රීඩී විෂන් එකෙන් එයා දිහා බලන්නෙ එයා මට කිණ්ඩියට හිනාවෙද්දි....

ඔන්න ඔන්න....ආයෙත් ශාන්ලා දෙන්නෙක් පේනවා.....ම්ම්.....එක්කෙනා...දෙන්නා උනා....දෙන්නා.....තුන් දෙනා....උනා...........එක්කෙනෙක් මේ පැත්තට ඇවිදන් එනවත් දැක්කා......ඊට එහා බලන්න කලින් බුස් ගාලා බෙල්ල බිමට නැමුනෙ ඒ පාර නම් බෙල්ල කැඩෙන්න නොදී කාගෙ හරි අතකට හිර වෙද්දි......

" මොකද මේ ??"

එයා හිනාවෙලා ඇහුවෙ මගෙ මූණ කෙලින් කරලා......

" ම්හ්.....නිදිමතයි...."

කොන්ද කෙලින් කරන් මන් කිව්වෙ.....

" යන්...ඩේව් ඇවිත් ඇති ...."

" ම්හ්.....තව ....ළමයි ඉන්නව....නෙ ශාන්...."

Bound To The Stars✨Where stories live. Discover now