🌻 Chapter 21 🌻

12.1K 1.3K 219
                                    

අතරමග තැන් කිහිපයක දිය ඇලි බලන්න නතර කලෑන් පස්සෙ එහෙන්මම ගියේ අපි අඹේවෙලට.....පැය දෙකක් විතර ශාන්ගෙ නෑදෑයො ටිකත් බලලා ආයෙ අපි එන්න ආවෙ ට්‍රිප් එකේ මූලිකම view pot එක උන සදතැන්න ( moon plains ) බලන්න...

" ම්ම්ම්......"

අඹේවෙල බලලා ඉවර වෙලා බස් වලට නගින්න ඇවිදන් යද්දි ශාන් මගේ ඇගේ හැප්පිලා දික් කළේ ලස්සන රෝස මලක්.....හපොයි දෙයියනේ ....මේකා ලස්සනට වවල තිබ්බ මලක් කඩලනෙ....

ඕවා කියන්න ගිහින් බැනුම් අහන්න ඕන්නැති නිසා මන් මල අතට ගත්තෙ සුවද බලන ගමන්......

ශාන් සාක්කු දෙකටත් අත් දෙක දාගෙන මගේ පස්සෙන් ආවෙ නිහඩවම.... කට්ටිය ඉන්න නිසා මාත් සද්ද නැතුව ඉදියෙ අනවශ්‍ය කරදර අපේ සම්බන්ධෙට ඕනි නැති නිසා .....

රෝස මල මන් බෑග් එකට දාගනිද්දි බස් ස්ටාර්ට් කළේ සද තැන්නට යන්න.....

පහුවෙලා යන කදු පල්ලම් වල හදපු චූටි චූටි ගෙවල්, ලීක්ස් , ගෝවා කැරට් පැළ ලස්සන මල් දිහා ආසාවෙන් බලන් ජනේලට ඔළුව තියන් මන් ඉදියෙ පිටිපස්සෙ ජයටම ජෝගිය යද්දි....

අඹේවෙල ඉදන් නුවර එළියට සැලකිය යුතු තරමේ දුරක් තීද්දි සැලකිය යුතු තරමේම ශාන්ගේ නෑදෑ ප්‍රජාවත් ගොඩක් දකින්න පුලුවන් උනා....දැක්කට ඉතිං මන් ඕවා කියන්න යන්නැ....මට බනී ඊළගට......

" අනුක් සර්.....ශාන් පිටිපස්ස්ට අඩගහනවා...."

" මට ??"

" ඔහ්....."

" මට බෑ....එයාට පිස්සුද අහන්න...."

සුපුන් ඇවිත් මට කියද්දි ම පුදුම උනේ එතනට මට කතා කරන්න එයාට පිස්සුද කියල හිතෙද්දි.....

සුපුන් ආයෙ යද්දි මන් පිටිපස්ස බැලුවෙ ශාන් මන් හිසින් එන්න කියල කතා කරද්දි....

මන් ඔළුව දෙපැත්තට වැනුවෙ එයා සීට් එකෙන් නැගිටල මන් ළගට එද්දි....

" එනවා පස්සට...."

" පිස්සුද ශාන්...ළමයි මොනා හිතයිද ?"

" මගුල් නටන්න නෙමෙයි ඕයි....සිංදුවක් කියන්න ...එනවා එනවා....."

" අනෙ මට බැ.....මන් සිංදු දන්නැ....."

Bound To The Stars✨Where stories live. Discover now