එදා සෙනසුරාදා ශාන් ගෙදර යද්දි හොදටම හවස් උනා..... එයා ගියායින් පස්සෙ රෙදි සෝදලා දාලා එදිනෙදා වැඩ ටික කරගනිද්දි නිකන්ම එයා නැති පාළුව මගෙන් මගෑරුනා....
ට්‍රිප් එක ගිහින් කකුල් රිදෙන්න ගත්ත නිසා මන් ඉරිදා කරන්න උන්න ක්ලාස් දෙකකටත් නිවාඩු දීලා උදේ ස්කොලෙ වැඩ වගයක් කරල හවස් වෙලා බැස්සෙ වත්තට.....
මන් ආසම දෙයක් තමයි එළවළු පැල වවන එක...... තිස්සමහරාමෙ වගේ කොළඹත් මන් පෝර උර වල එළවළු පැළ දෙක තුනක් වවලයි තිබ්බෙ....
කලින් දවසක කඩෙන් ගත්ත ඇට පැකට් දෙකකුත් අරන් මන් හවස් වෙලා පටන් ගත්තෙ ගෙවතු වගාව..... රට වවමු අපි හදමු.....
පෝර උර කිහිපයක වල්පැල ගලවලා අලුත් පැළ වගයක් ඉන්දමින් ඉද්දි ශාන්ගෙ රතු පාට වාහනේ වත්තට දැම්මෙ කොණ්ඩෙ ගසගස සිහින කුමාරයා වාහනෙන් බහිද්දි....
" හායි බියුටිපුල් කොල්ලෝ......"
" මොකද කරන්නෙ...?"
මන් ළග තිබ්බ බංකුවෙන් වාඩිගෙන ශාන් ඇහුවෙ පොළවෙ වාඩිවෙලා පැළ ඉන්දන මගෙන්....
" අපි හදමු රට වවමු...."
" වවන්න ආසයිද ඔයා ?"
" හ්ම්......"
" අපෙ අම්මා වගේමයි....එයාටත් කැලෑ කොළයක් හරි අතගාන්න තීනව නම් එච්චරයි ......"
මගේ බෙල්ල පිටිපස්සෙ අතගාන ගමන් ශාන් කිව්වෙ මන් දැනෙන කිචියට බෙල්ල අකුලද්දි...
" කාලද ආවෙ ?"
" හ්ම්......ඔයා කෑවද ?"
" හ්ම්ම්....ඊයෙ ගොඩ ගහලා ගිය එව්වා දාන්න ඉඩත් නෑ.....කූඹි එනවා පෝළිමේ..... අල්ලපු ගෙදර කොල්ලටත් ටිකක් දුන්නා.....මොනා උනත් ඒ ඩෝනට් ටික නම් ටොප්....."
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...