" ආහ්.... අනේ .....මට බයයි...."
" ඒ දිහා බලන්න එපා ඉතිං .....එතකොට කොහොමත් බයයි...."
නර්ස් මගෙන් ලේ ගන්න කට්ට ලන් කරද්දිම මන් අත ඇදල අරන් කෑ ගැහුවෙ එයා මගේ හිස අතගාද්දි....
නර්ස් ආයෙ අත ඇදල අරන් කට්ට ලන් කරද්දිම එයා මගේ ඔළුව එයාගෙ කුසට තද කරගත්තෙ ඔළුව අතගාන ගමන්...
ඊව්ව්හ්හ්.....විද්දා......හිතපු තරම් රිදුනෙත් නෑ හැබැයි .....බලන් ඉද්දි තමයි රිදෙන්නෙ....
" දැක්කනේ..... "
එයා කිව්වෙ නර්ස් ප්ලාස්ටර් එකක් ගැහුවට පස්සෙ මගේ කම්මුල අතගාලා....
" හරිනෙ දැන් ලේ ගත්තනෙ....යන් ගෙදර ....."
මන් කිව්වෙ ඇදෙන් බිමට පැනලා....
" පිස්සුද ?"
දේශ් කියද්දි එයා ආයෙ මාව උස්සල වාඩි කළේ ඇදෙන්....
" ඩොක්ටර් කිව්වා රිපෝර්ට්ස් එනකන් ඉන්න කියල .... "
" මොකාක් !"
" බය වෙන්න එපා..... තව පැය දෙක තුනකින් රිපෝට්ස් එයි.... අපි රිපෝට් බලලා ගෙදර ගිහින් සීයා පපාගෙ ඩොක්ටර් ටත් කෝකටත් පෙන්වමු..."
" ඒක හොදයි ශාන් .... මෙයාට දවස් ගානක ඉදන් කැරකිල්ල තිබ්බා..."
" ඒකනේ..... "
" එහෙනම් දැන් ඔයා ආවනේ....මන් ගෙදර යන්නම්..."
දේශ් කිව්වෙ චාර්ජ් එකට ගහල තිබ්බ පෝන් එකයි කාර් එකේ කී එකයි අරන්...
" ඔව්.....තව ටිකකින් ස්ටෙෆාන් මාමා එයි... මන් ඔෆිස් යන්න ඕනෙ..සීයා පපා දන්නැ මන් මෙහෙ කියල ...."
" හ්ම්....මන් යන්නම් එහෙනම්..."
දේශ් මගේ ඔළුව අතගාලා නළල සිපගෙන එළියට ගියේ එයා ඊරිසියාව පිරුන ඇස් දෙකකින් බලන් ඉද්දි....
" ඇය් ?"
" හැමෝම තමුසෙව ඉඹිනවා..."
එයා කිව්වෙ කෑම පෙට්ටිය අතට අරන්......
" ජෙලස් ද ?"
එයා කෑම පෙට්ටියේ තිබ්බ සුප් එක කලතලා මට හැන්දක් ලන් කළේ මන් ඒක බොද්දි...
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...