🌻 Chapter 05 🌻

11.7K 1.4K 352
                                    


ශර්ට් එකත් පිළිවලට හදාගෙන මන් ඇතුළට ගියේ සර් පොත පැත්තකින් තියල මන් දිහා බලද්දි.....

" Take a sit mr.anuk...."

" Thank you sir...."

මන් සර් එක්ක හිනාවෙලාම පුටුවෙන් වාඩිගත්තා...

" දැන් ස්කෝලෙ අරින ටයිම් එක නිසා මන් හිතනව මිස්ටර් අනුක්ට මන් එක්ක කතා කරන්න වෙලාව තියේවි කියල ....."

" of course sir.... "

" good..... ඇත්තටම කිව්වොත් මිස්ටර් අනුක් මේ ස්කොලෙට ඇවිත් තවම වැඩි කාලයක් නැහැ....හැබැයි මට සතුටුයි මිස්ටර් අනුක්ගෙ වැඩ පිළිවෙල ගැන.... ළමයින්ගෙ සාධන මට්ටම උනත් ගොඩාක් ඉහළ ගිහින් තියෙනව කියල මට කිහිප වාරයකදීම නෝට් උනා....."

අම්මෝ....ඇති යාන්තන්....

" Thank you sir....."

" අනික් දේ තමයි ළමයි ගොඩක් කැමති සර් එක්ක ඉගෙනගන්න ...... මට මේක කිව්වෙ මිස්ටර් සෙනෙවිරත්න ....."

මන් අත් දෙක ගුටි කරන් හිනා උනේ ඇත්තටම මට ඒක ලොකු සතුටක් උන නිසා ....

" කොහොමින් කොහොම හරි ඒ ළමයින්ට එක්සෑම් එකට තීන්නෙ තව මාස හයක් වගේ.... අනිවාරෙන් අපේ ස්කොලේන් island rank පනහක් හැටක් තියෙනවම තමයි ..... ඒත් island first මේ පාර අනිවාරෙන්ම බිහි වෙන්න ඕනේ මේකේන්..... අපි ඒ ගැන ඉදිරියේදි සාකච්ඡා කරමු..මන් මිස්ටර් අනුක්ට එන්න කිව්වෙ ඒ ගැන කතා කරන්න නෙමේ....."

" කියන්න සර්....."

මන් හිනාවෙලා කිව්වෙ සර් කාටදෝ කෝල් එකක් ගනිද්දි.....

" හෙලෝ සිල්වා......අපේ අර පොරිසාදයට මගෙ ඔෆිස් එකට එන්න කියනවා......okay....."

හෑ.......කවුද ඒ.......

" මන් මේ පාසලේ වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් මේ වගේ දෙයක් ඉල්ලලා නැහැය් කියල මන් වගකීමෙන් කියනව.....මූලිකවම මන් මේ කරන්නෙ අණක් නෙමේ ඉල්ලීමක්.....මිස්ටර් අනුක්ට පැහැදිළිද....?"

ඒ උනාට මට නම් හිතෙන්නෙ ඉල්ලීම මොක උනත් ඒ කරන්නෙත් අණක් වගේ කියල .....

" ඔව් සර්....."

" මගේ son ඉගෙන ගන්නෙ මේ ස්කෝලෙ.....ඇත්තටම ඒ මගේම පුතා නෙමේ......මගේ අයියගෙ පුතා.....ඉතිං මගේම පුතා වගේ තමයි ......ඕකා හෙන පෝරිසාදයා.... ඇත්තටම අපේ ෆැමිලි එකම බයෙන් ඉන්නෙ මේ කොල්ලගෙ අනාගතේ ගැන......මිස්ටර් අනුක් දන්නවද මන් මේ කතා කරන්නෙ කවුරු ගැනද කියල ....?"

Bound To The Stars✨Where stories live. Discover now