🌻 Chapter 60 🌻

9.1K 1K 219
                                    

" ඩොක්ටර් ? "

" ඔයාලා මීට කලින් ඩොක්ටර් කෙනෙක් මීට් උනේ නැද්ද ?"

" පුතාව එක පාරක් අසනීප උනාම අපි පිලිප් එකට එක්කන් ගියා ඩොක්ටර් . ඉන් පස්සෙ එයාම ආයෙ ඩොක්ටර් වාසුදේවන්වත් මීට් වෙලා තිබ්බා...."

"  ඒ ඩොක්ටර්ස්ලත් මොකද කිව්වෙ ?"

" ලෙඩේ අදුරගන්න බෑ කියල තමයි කිව්වෙ "

මන් ලොකු හුස්මක් පිට කළේ ශාන් ඩොක්ටර්ට උත්තර දෙද්දි....

" අනුක් මැරීඩ් ද?"

" තා....ම....නැ....හැ....."

ඩොක්ටර් මගෙන් ඇහුව නිසා මන් කිව්වෙ හෙමින්....

" හ්ම්......මෙහෙමයි.....අනුක්ගෙ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් අපිට ඕනෙ තරම් හම්බෙලා තියෙනව.... අනුක්ගෙ රෝග ලක්ෂණ ගත්තම අවුරුදු ගානක පළපුරුද්දත් එක්ක මට කියන්න පුලුවන් අනුක්ට blood cancer එකක් කියල .....ඒත් මෙතන තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි....blood cancer එකක් නම් ඉට්ස් ඕකෙ අපිට ඒක බෙහෙත් කරන්න පුලුවන් පේෂන්ට් දැන් ඉන්න ස්ටෙප් එක බලලා....but අනුක්ගෙ ශරීරය ඇතුලෙ කිසිම පිළිකා සෛලයක් නැහැ.... ඒක කියන්නෙ මන් නෙමෙයි මේ රිපෝර්ට්ස්....එතකොට මට තීරණය කරන්න වෙනවා අනුක්ට කැන්සර් එකක් නැහැ කියල ...."

" කැන්සර් එකක් නැති එක ලොකු දෙයක් ඩොක්ටර් ...."

" ඒක නෙමෙයි මිස්ටර් විජේන්ද්‍ර මෙතන තියෙන භයානක කම..... මෙතනින් පස්සෙ සාමාන්‍ය විදියට මන් නිගමනය කරන්නෙ පේෂන්ට්ට විෂක් ඇතුල් වෙලා කියල ...... ඒකට තමයි මන් මෙන්න මේ ටෙස්ට් එක කරන්න කිව්වෙ....."

ඩොක්ටර් කිව්වෙ රිපෝර්ට් එකක් පෙන්නලා....

" ඒත් මිස්ටර් විජේන්ද්‍ර මෙයාට විෂක් ඇතුල් වෙලා කියන්න කිසිම සාක්ෂියක් නැ ..... මේ රිපෝර්ට්ස් සේරම negative ....."

" ඩොක්ටර්  ?"

" ඕකයි තත්වෙ බලපතරකම මිස්ටර් ශාන්......පේෂන්ට්ට දිගින් දිගටම ලේ වමනෙ පිට වෙනව නම් ඒක බොහොම dangerous situation එකක්...අපිට කියන්න බෑ දැනටමත් පේෂන්ට්ගෙ අභ්‍යන්තර අවයව මොන වගේද කියල ..... මොළයේ ස්නායු , නියුරෝන වලට හානි වෙලා තියෙන්න පුලුවන් ..... එහෙම උනොත් අනුක් ජීවත් වෙන දින ගාණ උනත් මට ගනන් කරල කියන්න පුලුවන් තත්වයට උදා වෙයි...."

Bound To The Stars✨Where stories live. Discover now