" කැහ්හ්......කැහ්....කැහ්හ්හ් "
මහ රෑ එයාගෙ තුරුලෙ නිදන් උන්න මන් කැස්සක් එක්ක ඇහැරෙනකොට මන් කෙලින්ම දිව්වෙ බාතෲම් එකට....පුරුදු විදියට සින්ක් එක ලේ බිංදු වලින් නැහැවෙද්දි නහයෙන් ගලන් එන ලේ බිංදු එක්ක ජිවිතේ අනියත භාවය මොහොතෙන් මොහොත තත්පරෙන් තත්පරේට මට මතක් කරල දුන්නා....
ජිවිතං අනියතං මරණං නියතං කිව්වට ඒකෙ ගැඹුරු අර්ථය මට වැටහුනෙ අද...
නිකට දිගේ ගලාගෙන ඇවිත් සින්ක් එක උඩට වැටෙන ලේ බිංදු දෙක තුන දිහා මන් බලන් ඉදියෙ හිස් බැල්මෙන්....
කාටවත් කරදරයක් නොකරපු මාව ඇත්තටම කාටහරි මරන්න ඕනෙ වෙලාද..... කවුද ඒ ? ඇයි මාවම.... මන් මොකද්ද කරපු වරද.....
ඊයෙ ඇත්තටම මන් දැක්කෙ හීනයක්ද..... අනේ ඒක හීනයක් කියල හිතන්න තිබුනා නම් මගේ හිත මෙච්චර කලබල වෙන්නැතිවෙයි....
ලොකු හුස්මක් පිට කරල මන් මුව වටේ තිබ්බ ලේ බිංදු පිහාගත්තා.... මූණත් ලාවට සෝදගෙන අමාරුවෙන් අඩිය තියල මන් බාතෲම් එකෙන් එළියට එද්දි මන් දැක්කෙ බිත්තියට හේත්තු වෙලා ඔළුව බිත්තියට තද කරන් උන්නු එයාව ....
එයාගෙ ඇස් කෙවෙනි දිගේ කදුළු බිංදුවක් ගලන් ගියෙ එයාටත් නොදැනි....
ගැහැනියක් හැම වෙලේම හැඩුවට පිරිමියෙක් හිත ගල් කරන් ඉදියට පිරිමියෙක් ඇඩුව දාට අහස පොළව උහුලන එකක් නෑ.....ඒ තරමට ඒ හිත් අස්සෙ දුක පැලපදියම් වෙලා තියෙනව....
" හෝදගත්තද ?"
මාව දැකල එයා ඇහුවෙ වෙන අහන්න දෙයක් නැති කමට.... ඔයාට අමාරුද ? මහන්සීද ? කියල අහන්නද..... තේරුමක් නැ ....එයා දන්නව කොහොමත් මට මහන්සී කියල .....අපි ඩොක්ටර් කෙනෙක් මීට් වෙමුද කියල අහන්නද ? වැඩක් වෙන්නැ.....ඩොක්ටර් කියනව ලෙඩේ අදුනගන්න බෑ කියල ..... එතකොට එයා මොනාද අහන්නෙ.... එයාට අහන්න ඉතුරු පිටවෙන ලේ හෝදගත්තද කියන එක විතරයි .....
මන් නිහඩවම එයාගෙ බද වටේ දෙඅත් බැදගෙන මූණ තියාගත්තෙ පපුවට....
එයා හරි ලෝබ කමකින් මගේ හිස කෙස් පිරිමැද්දෙ මන් ඇස් පියාගනිද්දි.....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...