" ඔන්න...... මන්....අද.....චූ....ටි...අයියට හැදුවෙ western dish එකක්...."
බැල්කනියෙන් එළියට බලන් ඉදිය මන් නිහඩවම බැලුවෙ එයා දිහා.....
" කො ඉතිං .... ඔයාට කන්න....ඕනෙ....නැද්ද ?"
අනික් අයට වඩා මට දෙගුණයක් සීතල දැනෙන නිසා පෙරවල තිබ්බ වූල් රෙද්ද අයින් කරල එයා ටී ෂර්‍ය් එකට ගැහුවෙ සර්වියට් එකක්.....
" බලන්න චූටි අයියේ....මේ..... මේකට දාන්න blue berry ගන්න මට කඩවල් ගානක යන්න උනා..... රස පාටයි නේද...."
මන් ළගින් බිම වාඩිවෙලා එයා ඇහුවෙ රෝද පුටුව එයා දිහාවට හරවගෙන......
අදට මන් අසනීප වෙන්න අරන් හරියම මාස ඒකහමාරක් විතර...... කලින්ටත් වඩා මන් කෘෂ වෙලා ගිහින් ඉද්දි අතින් පෑනක් , පැන්සලක් අඩුම කන්න හැන්දක් වත් අල්ලගන්න මට බැරි උනා...... දකින මනුස්සයෙක්ට උනත් කලකිරෙන තරමට මන් පත් වෙලා ඉද්දි තාමත් චූටි අයියේ කිය කිය මගේ පස්සෙ දැවටෙන්නෙ එයා විතරයි ......
" ඔයා දන්නවද.....මන් මේක හැදුවෙ Canadian programme එකක් බලාගෙන.... මේකේ නම තමයි danish....බලන්නකො කාලා....."
කෑල්ල කෑල්ල කඩල මගේ මුවට ලන් කරන ගමන් එයා කියද්දි මට එපා කියන්න පුලුවන් කමක් තිබ්බෙ නැ.....මන් හෙමින් කට අරිද්දි එයා ඒක කටට දැම්මෙ ලොකු හුස්මක් ගන්න ගමන්..... ඔව් මන් මේ කෑම ගන්නෙ දවස් එකහමාරකට පස්සෙ.....
" කෝ..... තව.....චුට්ටක්....කමු....රත්තරන් ..... ම්ම්....චුට්ටම චුට්ටක්....."
එයා බලෙන් පළතුරු කෑලි කටට ලන් කරත් එකපාරටම මට කැස්සක් ආවෙ නහය දිගේ ලේ ගලද්දි.. එයා ඉක්මනට ලේන්සුවකින් මගේ නහය පිහදැම්මෙ ඔළුව අතගාන ගමන්..
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...