🌻 Chapter 67 🌻

9.9K 1.1K 399
                                    

මාස තුනකට පසු......,

" අනුක්....සේරම ලෑස්තිද ?"

" ඔව් vero..... මේ බෑග්ස් ටික ?"

" ආ කෝ දෙන්න...මන් වාහනෙන් දාන්නම්....ඉක්මනට පහළට එන්න අපි තුන වෙද්දි Air port එකේ ඉන්න ඕනෙ..... "

Vero..... ඩොක්ටර් වෙරෝන්..... එයා මගේ බෑග්ස් සේරම අරන් පහළට යද්දි කණ්නාඩියෙන් මන් බැලුවෙ මගේ ඇග දිහා.....

ඖලක් නෑ.... තව චුට්ටක් කන එක අඩු කරා නම් සුපර්......

ඇයි ඉතිං vero දවසට පස් පාරක් වත් අඩුම මට කෑම ගිල්ලනවා.....

හ්ම්ම්හ් ! මාස තුනක්.... ලොකු කාලයක් ගෙවිලා ගිහින්...... දැන් මන් සම්පූර්ණයෙන් සනීපයි..... කලින් වගේ දැන් මට ඇවිදින්නත් පුලුවන් ......සම්පූර්ණයෙන්ම ඇග ඇතුලෙන් poison එක අයින් කරල නැතත් ශේපට මට ඉන්න පුලුවන් කියල තමයි ඩොක්ටර් වෙරෝන් කිව්වෙ....ඒ කොහොම උනත් මන් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ...... මොකද මගේ ඇග ආයෙ ටිකක් හරි අඩපණ උනොත් ඒ poison එක ආයෙ වැඩ කරන්න ගන්න පුලුවන් නිසා ..... ඒ උනත් දැන් මට ඇවිදින්න පුලුවන් නේ...ඒ ඇති හොදටම....

එදා ඒ සිද්ධ උන සිදුවීමෙන් පස්සෙ සිහි නැතිවෙනවා විතරයි මට මතක...... මන් ආයෙ ඇස් ඇරියේ ලන්ඩන් අහස යට ඉදන්...... ඒක ඇත්තටම ෂෙරිල් අම්මගෙ ප්ලෑන් එකක්.... එයා කලින් ලෑස්ති කරල තිබ්බා මාව ඩොක්ටර් වෙරොෝන් ළගට එවන්න.....

මේ මාස තුනේ මන් ඉදියෙ ඩොක්ටර් වෙරෝන්ගෙ ගෙදර ..... ඩොක්ටර් වෙරෝන් ටිකෙන් ටික මාව කලින් ඉදිය අනුක්ගෙ ළගටම ගෙනත් ඇරලුවා.... මගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් තිබ්බ විදියටම ආයෙ හරියන්න ඩොක්ටර් වෙරෝන් නොසෑහෙන්න මහන්සි උනා..... ඇත්තටම ඩොක්ටර් වෙරෝන් කියන්නෙ මට දෙයියෙක් වගේ....ඒ මනුස්සයා නිසා තමයි මන් අද ජීවත් වෙන්නෙ.....

එදා ඒ සිද්ධියෙන් පස්සෙ මිනීමැරීමේ චෝදනාවට ගයාන් මාමාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම උනා..... ඒ කොහොම උනත් ජිවිත ආරක්ෂාව සදහා කියල කොහොමහරි ලෝය්ර්ස්ලා සිර දඩුවම අවුරුදු විස්සකට සීමා කළා......ඒත් ඉතිං එයාගෙ ජිවිතේ අවුරුදු විස්සක් ! ලේසි නෑ තමයි ....... ඒත් තම තමන් කරපු දේවල් වල ඵල විපාක තමයි ඉතිං ...... මට වස දුන්නෙ සෙලීනා උනාට සමහර තැන් වලදි ගයාන් මාමා ඒ දේවල් වලට උදව් කරල තිබ්බා! ෂෙරිල් අම්මගෙ ඇක්සිඩන්ට් එක පවා කරල තිබ්බෙ ගයාන් මමා...... කියන්න පුදුමෙ තමයි ගයාන් මාමම ඇක්සිඩන්ට් එක කරල සෙලීනගෙන් අපිව බේරගන්න ඕනෙකමට මාවයි දේශ්වයි දෙතැනක හංගන්න හදපු එක.....එයා සාර්ථක විදියට මාව හැංගුවා.....ඒත් එයාට දේශ්ව හංගගන්න බැරි උනා...සීයා පපා ඉස්සර උන නිසා .....

Bound To The Stars✨Where stories live. Discover now