" ඔයා දැන් ඔය මොනා කිව්වත් එයා කරපු දේවල් එක්ක තීරණේ ගන්න ඕනේ එයාම තමයි සුපුන්..... මට ඔය දෙවල් කිව්වට වැඩක් වෙන්නැහැ...... මතක ඇතුව මන් කිව්ව දේ එයාට කියන්න ....අනික් දේ තමයි ඔයාලා බොරුවට අපිව සාමදාන කරන්න කාලෙ නාස්ති කරන්න ඕන්නෑ....උන දේ උනා කියල හිත හදාගන්න මට පුලුවන් ....."
සුපුන් පැයක් විතර කුස්සියේ ඉදන් මාත් එක්ක කියවද්දි මන් කිව්වෙ මගේ අන්තිම තීරණේ.......
" සර් ඔය ශාන්ගෙන් තරහ පිරිමහන්නෙ සර්ගෙ හිතේ තින්න ඊරිසියාවට කියල ඇයි සර් ඔයාට පිළිගන්න බැරි ..."
" හනේ ! කොහෙවත් යන ගෑණු එක්ක මට මොන ඊරිසියාවක්ද සුපුන්.....දැන් ඔය කතාව නතර කරන්න ....ආයෙ ඔය මාතෘකාව මන් ඉස්සරහ ඇදල ගන්න එපා.....ම්ම්..."
සුපුන් බැරෑරුම් හුස්මක් පිට කරල සාලෙට යද්දි මමත් ඒ පස්සෙන් සාලෙට ආවෙ එයාලා සේරම යන්න ලෑස්ති වෙද්දි.....
නොදැනීම මගේ ඇස් ශාන්ව හෙව්වා උනත් එයා මෙච්චර වෙලා වාඩිගෙන උන්න පුටුවෙන් නැගිටල මන් ළගට ආවෙ මන් අත් දෙක බැදන් උළුවස්සට හේත්තු වෙලා අහක බලාගනිද්දි....
" මන් ගිහින් එන්නම්......ම්ම්......"
ඔළුව අතගාලා කියපු එයා යන්න හැරුනෙ මන් අහක බලාගෙනම ඉද්දි....
කවීෂගෙ බයික් එකට එයා ගොඩ වෙද්දි කට්ටිය එක්ක යන්න ගියේ මන් දොර වහලා දාලා කාමරේට එද්දි.....
එයාට මෙහෙම කරද්දි හිතට වේද්නායි..... පපුව රිදෙනවා ගොඩක්..... එයාගෙ ඇස් දැක්කම වාවන්නෑ මෙහෙම එයාව රිද්දන්න.....ඒත් මේ දේවල් වල් කෙලවරක් තියෙන්න ඕනෙ.....
ඇත්තටම මට එයා ගැන තීන්නෙ ඊරිසියාවක් ද ?? ඒ කෙල්ල එක්ක එයා බුදියපු එකේ ඊරිසියාවද ? කොහොම උනත් එයා මාව අල්ලන්න හදද්දි අත ගසා දැම්මට එයාගෙ ස්පර්ශයට මන් ආසයි..... එයාගෙ සිප්ගැනීම් වලට මන් ගොඩක් ආසයි.....ඒ උණූහුමට ගුලි වෙන්න මන් මාරම ලෝබයි...... අදටත් එයා ගැන අප්‍රියක් මගේ හිතේ නැති උනත් මගේ හිත වහගෙන තීන්නෙ එයා ගැන තීන කේන්තිය .......
හෙට මන් ස්කොලෙ නිවාඩු දැම්ම නිසා රෑට කාලා මන් නින්දට වැටුනෙ දවල් වෙනකන් නිදාගන්නව කියල ගිතාගෙන.....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...