🌻 Chapter 09 🌻

12.6K 1.4K 255
                                    

කෑම කාලා ඉවර වෙලා ශාන් කෝල් එකක් අරන් එළියට ගියේ මන් කුස්සිය අස් කරල දාලා හෙට උදේට උයන්න ඕනෙ නිසා කැරට් වගයක් සෝදල කපල තියන්න ලෑස්ති කරද්දි.....

මඩ ගෑවිලා තිබ්බ ඇගිල්ලක් සයිස් කැරට් අල දෙක තුනක් මඩ යනකන් සෝදල පිහියකින් සුද්ද කළේ ගිනි ගනන් දීලා එළවළු ගත්තත් මේ එලවළු වල කිසිම සෞඛ්‍යාරක්ෂිත බවක් නැති වෙද්දි.....

Mmmmm...........📱

පෝන් එක වයිබ්‍රේට් වෙද්දි කැරට් අල දෙකත් සින්ක් එකෙන් දාලා අත් දෙක පිහන් මන් පෝන් එක අතට ගත්තෙ සෙව්දේශ් මගෙ රික්වෙස්ට් එක accept කරල කියල නොටි එක එද්දි...

මොකද්දෝ හැගීමක් දැනෙද්දි මන් පෝන් එක පැත්තකින් තියල ආයෙ සින්ක් එක ළගට ගියේ පපුව ඩුග් ඩුග් ගාලා ගැහෙද්දි..... මන් දන්නෑ ඇයි කියල ..... ඇස් දෙකට දැකල විනාඩි කිහිපයක් යන්නත් කලින් පපුව හිරි වැටිලා ගියා ඒ රූපේ ඉස්සරහ.....මොකද්දෝ මතකයක් මනසෙ ඇදුනත් මන් මූණෙ හිනාවක් පුරවන් කැරට් අල ටික සෝදල කපන්න ගත්තෙ පෝන් එක ඔබමින්ම ශාන් කුස්සියට එද්දි....

" දැන් ආයෙ උයනවද ??"

" හෙට උදේට කපල තිබ්බම උයන්න ලේසි...."

ශාන් ඇවිත් පැන්ට්‍රිය උඩින් වාඩිගත්තෙ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව...වෙලාවකට කෝටිපතියෙක් වෙලත් මේ ළමයා මෙහෙම නෝමල් විදියට හැසිරෙන එක පුදුමයි....මුගෙ හෙන අලි ඔළුව ලොකු ලයින් තමයි .....ඒත් සල්ලි තිනව කියල පඩත්තල ශෝ නම් නෑ.....

" 📲 Ride it.....your alone.....Ride it.....it loose control ......ride it....ride it...."

කන ළගම ශාන්ගෙ සුකුරුත්තම කුණුහරප කියල බෙරිහන් දෙද්දි ශාන් ඒක ආන්ස්වර් කරල කනේ තියාගත්තෙ මාත් ඉතිං හෙමීට කන ඒ පැත්තට දාද්දි....

මූ නිකන් ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයෙ වැඩ කරන එකෙක්  වගේ....ලෝකෙ තීන හැම කෝල් එකක්ම එන්නෙ මූට.....

" හෙලෝ............. ම්ම් කිව්ව විදියට වැඩේ කරපන්...............හෙට වෙද්දි අනිවාරෙන්ම ඒ දේ සිද්ධ වෙන්නම ඕනේ...........okay....."

හෑ.......මූ ඒ පාර මිනියක් මරන්නද ලෑස්ති වෙන්නෙ.....

එක අතකට මට මොකෝ....නේහ්....

Bound To The Stars✨Where stories live. Discover now