🌻 Chapter 31 🌻

13.6K 1.2K 247
                                    

🏡️🏡️🏡️🏡️

ශානුයි දේශුයි මාව ගෙදරට දාලා ගියාට පස්සෙ මන් රෙදි ටික සෝදල දාලා ගේ චුට්ටක් අස් පස් කළේ හෙට ආයෙම ස්කොලෙ යන්න තියෙන නිසා .....

කොහොම උනත් ශාන්ට සීයා ගහවී දො කියල හිතේ සැකයක් තියෙද්දි මට එයා ගැන දැනුනෙ ලෝබකමක්...ඌට නම් ගානක් නැ....ඌ යන්නෙම ගුටි කන්න බලාගෙන...ඒ ඇට්ටරයට තීන බය දේශ් ගුටි කයි කියල ......

රෙදි ටිකත් හෝදල වැලෙන් දාලා මන් ගෙට ආවෙ කෑමක් හදන්න....කොහොමත් දැන් සීයා එක වචනයක් කිව්වම ඇති ශාන් ඒකට දහයක් කියල ගෙදරින් එන්න.....වෙනසකට තීන්නෙ වෙනදට Appartement එකකට යන එයා දැන් මගේ ගෙදර එන එක විතරයි ......

ඇදුමක් දාගෙන හංදියට ගිහින් ඕනෙ කරන දේවල් ටිකක් අරගෙන ඇවිත් මන් සැමන් ටින් එක කඩල වතුර බේරලා දාගත්තෙ භාජනේකට.....සැමන් එක කුඩු කරල ලුණු ගම්මිරිස් දාලා ඒකටම අබ ක්‍රීම් හැදි කිහිපයකුයි බටර් චුට්ටකුයි දාලා කලවම් කරල අරගත්තෙ ළූණුයි අමු මිරිසුයි පොඩ්ඩකුයි එක්ක....

කඩෙන් ගෙනාව හිස් සොසේජස් බන් එක ඇහුළට ඒකෙන් ටිකක් ගාලා සලාද කොලයකුයි තක්කාලි පෙත්තකුයි තියල කලින් දවසක් ශාන් ගෙනාව චීස් එකෙන් චීස් පෙත්තකුත් තියලා මන් හදල ගත්තෙ ටී ටයිම් එකට ..... ශාන් නම් ආසයි මන් ගෙදර හදන කෑම වලට.....

එළියෙ වාහනයක් නතර වෙන සද්දෙ ඇහෙද්දි ඉක්මනට අත් දෙක පිහාගෙන මන් සාලෙට එන්න ආවා.....

" බොහ්.......බොහ්.....බො......හ්......"

හෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෑ.....ශාන් බව්වෙක් වෙලාද?

බල්ලෙක් බුරන සද්දයක් ඇහෙද්දි ඒ ගැන හිත හිතම එළියට ආව මම  ආපස්සට කෑ ගහගෙන දිව්වෙ මන් දිහාවට එන ශාන්ගෙ බලු තඩියා දැකලා....අම්මෝ ඌ සිංහයෙක් වගේ...ඌට අහු උනොත් මගේ අවසානෙ...ජිවිතේ අනියතං මරණය නියතං කියල මන් දිව්වෙ සෙටිය වටේ........

Bound To The Stars✨Where stories live. Discover now