🌻 Chapter 40 🌻

11.1K 1.2K 714
                                    

එයා කේන්තියෙන් කලිසම දාගනිද්දි මාත් ඇද පාමුල තිබ්බ ශොටයි ටී ෂර්ට් එකයි ඇදගෙන අර bl පොත අතට ගත්තෙ ආවෙ කවුරු උනත් ලැජ්ජ නිසා ...

මන් දිහාත් බලලා එයා උඩු කය නිරුවත්ව දොර ඇරියේ කලින් මන් දත් පාර හිටින්නම එයාගෙ පපුව හැපුවා නේද කියලත් මතක් වෙද්දි.... ඊව්ව්ව්..... අරක පුපුරයිද දන්නෑ....

" මොන හු#......."

" අනේ ශාන් අයියේ......දේශ් අයියා ඇක්සිඩන්ට් වෙලා අයියේ..... මොනාහරි කරන්නකෝ....අපේ ඩැඩාත් නෑ..සීයා පපාත් නෑ..... මට කෝල් එක ආවෙ දේශ් අයියගෙ පෝන් එකෙන්....."

" මොකක් ??"

යසිරු කලබලේ එයාට කිව්වෙ එයාගෙ පපුවට ගගහ දගලමින්...මමත් කලබලෙන් ඇදෙන් නැගිට්ටෙ දොර ළගට යන ගමන්....

" හරි ....හරි ...කොහෙදිද වෙලා තීන්නෙ කියන්නකො ??"

ශාන් කිව්වෙ කලබලෙන් කාමරේ ඇතුළට ඇවිත් ටී ෂර්ට් එකක් දාගන්න ගමන්....

" රාජගිරිය හරියේ.... අනේ ශාන් අයියේ අපි ඉක්මනට යන්.....ඌට කරදරයක්ද දන්නැ.... මේක ලොකු අම්මා දැනගත්තොත් ??"

" හරි හරි .....දැන් මට කියපන් මේක දන්නෙ කවුද කියල ....".

" දැනගත්ත ගමන් මන් කිව්වෙ උඹට බන්.....කාටවත් කිව්වෙ නෑ....."

" හරි අපි දෙන්නා යන්.... චූටි අයියේ ඔයා කාමරේට වෙලා ඉන්නකො...."

" හරි ශාන් පරිස්සමෙන් යන්න...."

මන් කිව්වෙ ඔළුව වනලා....

එයා කාමරේ දොරත් වහන් යසිරු එක්ක පහළට දුවද්දි මන් පපුවත් අල්ලන් වාඩිගත්තෙ ඇදෙන්...

නෑ...නෑ....දේශ්ට මුකුත්ම වෙලා නෑ...ඒක මගේ හිත කියනවා.... ඔව් මන් ඒක දන්නවා.....

ගැහෙන ළය අතින් තෙරපවාගෙන මන් කල්පනා කළේ වෙන්න පුළුවන් නරකම දේ ගැන...ඒත් මගේ හිත මට කිව්වෙ තවම දේශ්ගෙ හදවත පණ ගැහෙනවා කියල ....උදේ ඉදන්ම හිතට දැනුන මූසල හැගීමට හේතුව මේකද කියල දැනෙද්දි මන් නළල මිරිකගත්තෙ ඇස් වලට කදුළු උනද්දි...දන්නෑ ඇයි ඒ කියල...ඒත් දේශ්ට කරදරයක් උනොත් ඒක මට මාරම විදියට දැනෙයි.... දැනුත් මගේ පපුව රිදෙනවා ගොඩක්....

Bound To The Stars✨Where stories live. Discover now